කොරෝනා නිසා කටාරයේ අසරණවී සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

කටාර් රාජ්‍යයේ රැකියා සදහා ගොස්  කොරෝනා නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 268 දෙනෙකු අද (27) අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින්  දෝහා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

ඔවුන් කටාර් රාජ්‍යයේ , දෝහා සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 218 දරන විශේෂ ගුවන් යානයෙන් අද  අලුයම 5.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසුව , ඔවුන් රැගෙන ආ බඩුබාහිරාදිය ද සමග විශබීජ හරණය කිරීමට ලක් කෙරුණු අතර ඉන් පසුව ඔවුන් තුළ කොරෝනා රෝග ලක්ෂණ පවතී ද යන්න විමසා බලා සියලු දෙනා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් විශේෂ බස් රථ මගින් නීරෝධායන කටයුතු සදහා රැගෙන යෑම සිදු කෙරුණි .

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435