කොරෝනා නිසා කටාරයේ නීති දඩි වෙයි – මේ වැරදිවලට දැඩි දඬුවම්

කටාර් රාජ්ය විසින් කොරෝනා ව්‍යාප්තිය සිය රට තුළ ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා නව නීති හඳුන්වා දී තිබෙන අතර එම නීති උල්ලංඝනය කරන්නන්හට දැඩි දඬුවම් ලබා දීමටද තීරණය කර තිබේ.

විශේෂයෙන් එහිදී මුහුණු ආවරණය පැලඳීම අනිවාර්ය අගයක් බවට පතර තිබෙන අතර මුහුණු ආවරණ නොමැතිව නිවසින් පිටතට යන්නේ නම් එය සිර දඬුවම් හිමිවෙන වරදක් බවත් කටාරය එරට වෙසෙන දෙස් විදෙස් සියළුම දෙනාට සිහිපත්කර දී තිබේ.

තවද මෙම නීති උල්ලංඝනය කරන පුද්ගලයින්ට සිරදඬුවම් සේම දඬ මුදල්ද අය කරන බවයි කටාර් රජය නිවේදනය කර ඇත්තේ.

එරට සෞඛ්‍ය අමාත්‍යාංශ නිවේදනය කර ඇති පරිදි නීති කඩකරන පුද්ගලයින්ට වසර 03කට නොඅඩු සිරදඬුවමක් හිමිවනු ඇති බවත් රියාල් 200,000ක දඩ මුදලකටද යටත් වීමට සිදුවනු ඇති බවයි.

කටාර් රජය මෙහිදී විශේෂයෙන් අවධාරණය කර ඇත්තේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් මෙම නීති හා විධි විධාන සකස් කර ඇති බැවින් ඒ සියල්ලක්ම රටේ වෙසෙන ජනතාවගේ සුබ සිද්ධියට හා ආරක්ෂාවට පනවා තිබෙන බවයි. එබැවින් නීති ආරක්ෂාකරන ලෙස සියළුම දෙනාට අවධාරණය කරයි.

ඔබත් කටාරයේ සේවය කරන ලාංකිකයෙකු නම් මේ නීති ගැන දැනුවත් වෙන්න. ඔබේ ආරක්ෂාවට මෙන්න අනෙක් අයගේද ආරක්ෂාවට මුහුණු ආවරණ පළඳින්න. අනෙක් සෞඛ්‍යමය උපදෙස්ද අකුරටම පිළිපඳින්න.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435