කොරෝනා නිසා කුවේටයේ පැනවූ නීති දැඩි කරයි -නීති කඩකළොත් හිරේ

කොරෝනා වසංගතය කුවේටය තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීමේ අරමුණින් කුවේට් රජය කලින් කල විවිද ක්‍රියාමාර්ග ගත් අතර ඒ සඳහා නව නීතිද ඊට අදාළ දඩ ක්‍රමවේදයක්ද හඳුන්වා දී තිබේ.

ඒ අනුව එරට රාජ්‍ය බලධාරීන් විසින් කොරෝනා ව්‍යාප්තිය සිය රට තුළ ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා නව නීති හඳුන්වා දී තිබෙන අතර එම නීති උල්ලංඝනය කරන්නන්හට දැඩි දඬුවම් ලබා දීමටද තීරණය කර තිබේ.

එහිදී මුහුණු ආවරණය පැලඳීම අනිවාර්ය අගයක් බවට පතර තිබෙන අතර මුහුණු ආවරණ නොමැතිව නිවසින් පිටතට යන්නේ නම් එය සිර දඬුවම් හිමිවෙන වරදක් බවත් අවධාරණය කර තිබේ.

යම් ලෙසකින් මෙම නීති කඩකරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම මෙන්ම නීති උල්ලංඝනය කරන පුද්ගලයින්ට සිරදඬුවම් සේම දඬ මුදල්ද අය කරන බවත් කුවේට් රජය විසින් වැඩිදුරටත් නිවේදනය කර තිබේ.

එරට සෞඛ්‍ය අමාත්‍යාංශ නිවේදනය කර ඇති පරිදි නීති කඩකරන පුද්ගලයින්ට මාස 03ක සිරදඬුවමක් නියම කරන බවයි.

කුවේට් රජය මෙහිදී විශේෂයෙන් අවධාරණය කර ඇත්තේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් මෙම නීති හා විධි විධාන සකස් කර ඇති බැවින් ඒ සියල්ලක්ම රටේ වෙසෙන ජනතාවගේ සුබ සිද්ධියට හා ආරක්ෂාවට පනවා තිබෙන බවයි. එබැවින් නීති ආරක්ෂාකරන ලෙස සියළුම දෙනාට අවධාරණය කරයි.

ඔබත් කුවේටයේ සේවය කරන ලාංකිකයෙකු නම් මේ නීති ගැන දැනුවත් වෙන්න. ඔබේ ආරක්ෂාවට මෙන්න අනෙක් අයගේද ආරක්ෂාවට මුහුණු ආවරණ පළඳින්න. අනෙක් සෞඛ්‍යමය උපදෙස්ද අකුරටම පිළිපඳින්න.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435