කොරෝනා නිසා කුවේටයේ සිටි ලාංකිකයින් 04කට දිවි අහිමි වෙයි

කුවේට් රාජ්‍යයේ ශ්‍රමිකයන් ලෙස කටයුතු කළ ලාංකිකයන් විශාල පිරිසක් කොරෝනා වසංගතයට ගොදුරු වී සිටින බවත් එම පිරිසෙන් කාන්තාවක් ඇතුළු සිවුදෙනෙකු වයිරස ආසාදනය වීමෙන් මරණයට පත්වූ බවත් කුවේට් ශ්‍රී ලංකා එකමුතු සංවිධානය පවසයි.

ආර්ථික අවශ්‍යතා මත වීසා නොමැතිව, නීති විරෝධීව කුවේට්හි රැඳී සිටින සහ එරට රැකියාවල නිරත ලාංකිකයන් විශාල පිරිසක් මේ වනවිට කොරෝනා වයිරසයට ගොදුරු වී සිටින බව ඒම සංවිධානය පවසයි. මේ වනවිට ඒසේ ආසාදනයන්ට ලක්වූවන් එරට ෆර්වානියා , අහමදි , හවාලි , ජහරා යන ස්ථානවල රඳවනු ලැබ සිටී. මේ අතර නීත්‍යානුකූලව එරට රැඳී සිටින ලාංකිකයන් අතරින් කුලී රථ රියදුරන් ලෙස රැකියාවල නියුතුව සිටින අය ආසාදනයට ලක්වීමේ තත්වය බහුලව දක්නට ලැබෙන බවද කියනු ලැබේ.

කෙසේවුවද රෝගාතුර වන විදේශිකයන්ට කුවේට් රජයෙන් කිසිදු සැලකිල්ලක් නොලැබෙන බවත් රෝගාතුර වූවන්ට ස්වභාවික ප්‍රතිශක්තියෙන් සුවය ලබන්නට හැකියාව නැත්නම් ඉතිරිවන්නේ මියයාමේ විකල්පය පමණකි. දින කීපයකට පෙර කොරෝනා වයිරසය ආසාදනය වී මරණයට පත්වූ ලාංකීය කාන්තාවගේ සැමියාට සහ දරුවන් දෙදෙනාටද වයිරසය ආසාදනය වී ඇති බවට අවදානමක් තිබියදී ඔවුන් කිසිදු පරීක්ෂාවකට ලක් නොකොට නිවසට වී සිටින ලෙස කුවේට් සෞඛ්‍ය නිලධාරීන් නියමකර ඇත.

මේ ආකාරයට එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගෙන්වා ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටියේ මීට මාසයකට පමණ ඉහතදී බවත් එම ඉල්ලීමට අනුව ගෙන්වා ගත්තානම් ඔවුන් කොරෝනා ආසාදනයෙන් මරණයට ගොදුරු නොවන බවත් ඒරට ලාංකිකයෝ පවසති.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් අද වනවිට කුවේට් රාජ්‍යයේ පුද්ගලයන් 175ක් මියගොස් සිටින අතර අද දිනට එරටින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 23267 කි .

මූලාශ්‍රය – ලංකා විව්ස්

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435