කොරෝනා නිසා කුවේටය සීරුවෙන්

කොරෝනා වෛරසය හේතුවෙන් කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය දින කිහිපය තුළ කුවේට් රාජ්‍යට පැමිණි ගුවන් මඟීන් 25,000කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවල ලකකළ බව කුවේට් මාධ්‍ය වාර්තා දක්වයි.

විශේෂයෙන් කුවේට් අන්තර්ජාතික ගුවන් තොටුපළට ගමනාන්ත 162ක සිට පැමිණෙන ගුවන් මඟීන් මෙලෙස පරීක්ෂාවට ලක්කර තිබේ.

කොරෝනා වෛරසය කුවේටයට ඇතුළුවීම වැළැක්වීම සඳහා ගතයුතු සෑම පියවරක්ම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කර ඇත.

එමෙන්ම මේ වනවිට හොංකොං රාජ්‍යයේ සිට හා චීනයේ සිට කුවේටයට පැමිණෙන සියළුම දෙනාට කුවේටයට ඇතුළුවීම තහනම් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නියෝග පනවා තිබෙන අතර එම රාජ්‍යන්වල සිට පැමිණෙන විදේශිකයින්ටද අදාළ තහනම බලපැවැත්වෙන බවත් නිවේදනය කර තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435