කොරෝනා නිසා ගල්ෆ් කලාපයම අවදානමක- මෙන්න අලුත්ම තත්ත්වය

අදවන විට ගල්ෆ් කලාපය තුළ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 04ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

එම වාර්තා පෙන්වා දෙන්නේ ගල්ෆ් කලාපය තුළ කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 04 සීමාව ඊයේ (25) දිනයේ පසුකළ බවයි.

ගල්ෆ් කලාපයට අයත් රටවල් අතුරින් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වෙන රට වන්නේ සෞදි අරාබියයි. සෞදියේ අදවන විට කොරෝනා ආසාදිතයින් 170,639ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර මරණ සංඛ්‍යාව 1,428කි. සුවය ලැබූ ගණන 117,882කි.

කටාර් රාජ්‍යයේ කොරෝනා ව්‍යාප්තිය ගැන සලකා බැලීමේදී සමස්ත ආසාදිතයින් ගණන 91,838ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර සුවය ලැබූ පිරිස 74,544කි.කොරෝනා නිසා මරණය පත්වූ ගණන 106කි.මෙම රටවල් අතුරින් කටාරය ජනගහණයට සාපේක්ෂව වැඩිම කොරෝනා ව්‍යාප්තියක් පෙන්වන රට ලෙසද සැලකෙයි.අදවනවිට කටාරයේ ආසාදිතයින් වැඩිවීම ඉහළගොස් තිබෙන අතර මරණ සංඛ්‍යාවද දිනෙන් දින ඉහළයයි.

බහරේන් රාජ්‍ය ගත් කළ සමස්ත ආසාදිතයින් ගණන 24,081ක් වන අතර සුවය ලැබූ ගණන 18,501කි.මියගිය පුද්ගලයින් සඛ්‍යාව 71කි.

කුවේටයේ කොරෝනා ආසාදිතයින් ගණන 42,788කි.මියගිය ප්‍රමාණය 339ක් වන අතර පූර්ණ සුවය ලැබූ ගණන 33,367කි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 46,563ක් දක්වා වැඩිවී තිබෙන අතර සුවය ලැබූ ගණන 35,165කි.මියගිය ගණන 308කි.

ඕමාන් රාජ්‍යයේ 34,902ක් දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙන අතර මියගිය ගණන 144කි. 18,520ක් පූර්ණ සුවය ලබා තිබේ.

ඉරාකයේ කොරෝනා ආසදනය වූ මුළු ගණන 18,520කි.ඉන් 1,437ක් මරණයට පත්ව තිබෙන අතර 18,051 ක් සුවය ලබා තිබේ.

මෙසේ බලන කළ කොරෝනා අවදානම වැඩිම ගල්ෆ් රට බවට පත්ව ඇත්තේ සෞදි අරාබියයි.

මේ සෑම රටකම දිනෙන් දින වැඩිවෙන ආසාදිතයින් ගණන මෙන්ම මරණ සංඛ්‍යාවද ඉහළ යාමක් පෙන්නුම් කරන බැවින් ඔබත් විදේශයේ සේවය කරන ලාංකිකයෙකු නම් ඉදිරි කාලය වඩාත් ප්‍රවේශමෙන් සිටිය යුතු බව සිහියට ගන්න.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435