කොරෝනා නිසා ජෝර්දානයේ සිරවී සිටි ලාංකිකයින් පිරිසක් කටුනායකට

කොරෝනා නිසා මෙරටට පැමිණිමට නොහැකිව ජෝර්දානයේ රැඳී සිටි ලාංකිකයින් 285 දෙනෙකු අම්මාන් නුවර සිට අද(14) අළුයම කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 1506 දරණ විශේෂ ගුවන් යානයෙන් අද අළුයම් 04.00ට පමණ ඔවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර එලෙස පැමිණි අයගෙන් වැඩි පිරිසක් ජෝර්දානයේ රැකියාව සඳහා ගිය අය බවයි සඳහන් වෙන්නේ.

ගුවන් තොටුපළ වෙත පැමිණිමෙන් අනතුරුව මෙම පිරිස එහි ස්ථාපිතකර ඇති වෛද්‍ය රසායනාගාරය වෙත PCR පරීක්ෂණ සඳහා යොමුකර තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435