කොරෝනා නිසා මෙරටට එන්න ඉන්න අයට හොඳ ආරංචියක්

කොරෝනා වසංගතය හේතුවෙන් විදේශ රටවල සිරවී සිටින ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා පසුගිය දින කිහිපයේදීම මෙරටින් ගුවන් යානා පිටත් කර හැරුණු අතර ඇතැම් අය ඒ ඒ රටවල ගුවන් යානාවලින් දිවයිනට පැමිණියහ.

තවත් බොහෝ ලාංකිකයින් පිරිසක් මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවෙන අතර ඔවුන් ගෙන්වා ගැනීම සඳහා එළැඹෙන ජූනි 06 වෙනි දින දක්වා ගුවන් යානා ක්‍රියාත්මක කරන බව නිවේදනය කර තිබේ.

ඒ අනුව හෙට දිනයේ කුවේටයේ සිට තවත් ලාංකිකයින් පිරිසක් මෙරටට පැමිණීමට නියමිතයි.

එමෙන්ම රජය සඳහන් කර සිටින්නේ ඉදිරියේදී ප්‍රමුඛතාව මත මැදපෙරදිග හා මාලදිවයිනේ සිටින ලාංකිකයින් ගෙන්වා ගැනිමට විධි විධාන සලසා ඇති බවයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435