කොරෝනා නිසා විදේශයේ අසරණවූ තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ සහ ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 304 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් අද (30 ) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙයින් පළමු ගුවන් යානය ඉන්දියාවේ මුම්බායි නුවර රැදී සිටි ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා වල  සාමාජිකයන් 18 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1042 දරන විශේෂ ගුවන් යානය අද (30) දින අලුයම 4.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

දෙවන ගුවන් යානය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 286 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරන විශේෂ ගුවන් යානයෙන් 5/30 දින අලුයම 5.50 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙසේ පැමිණි ගුවන් මගීන් සියලු දෙනාම නීරෝධායන කටයුතු සදහා යොමු කර තිබේ .

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435