කොරෝනා නිසා සෞදිය දැඩි තීරණයක- චීනයට ගියොත් ආයේ සෞදියට එනවා බොරු

කොරෝනා ව‍ෛරසයෙන් බැට කන චීනයේ සංචාරය කළහොත් දඬුවම් කිරීමටත් දඬුවමක් වශයෙන් නැවත රටට පැමිණීම තහනම් කිරීමටත් සෞදි අරාබිය තීරණය කර ඇත.

නියෝග නොතකා චීනයේ සංචාරය කළහොත් අදාළ පියවර ගන්නා බව සෞඛ්‍ය බලධාරීන් පවසා ඇතැයි සෞදි අරාබියේ රාජ්‍ය මාධ්‍ය  ඊයේ දිනයේ වාර්තා කරන ලදී.

“වෛරසයට එරෙහි ආරක්ෂිත සෞඛ්‍ය පියවරක් ලෙස සෞදි අරාබියේ කිසිදු පුරවැසියකුට හෝ සෞදි අරාබියේ සිටින විදේශිකයකුට චීනයට යෑම තාවකාලිකව තහනම්” යැයි එම පුවත් වාර්තාවල දැක්විණි.

නියෝග නොතක චීනයට ගියහොත් ඔවුන්ට නැවත සෞදි අරාබියට පැමිණීමේ තහනමක් පැනවේ.

සෞදි අරාබියේ අසල්වැසි රට වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් වයිරසය ආසාදනය වූවන් පස්දෙනකු පිළිබඳ තොරතුරු වාර්තා විය. ඔවුහු සියලු දෙනා වූහාන්වලින් පැමිණි අය වෙති. බහ්රේනය, කුවෙට් රාජ්‍ය සහ ඕමානය ඇතුළු ගල්ෆ් කලාපයේ බොහෝ රටවල් එම රටවල වැසියන්ට චීනයට නොයන්නැයි උපදෙස් දී ඇති අතර එහෙත් සෞදි අරාබිය මෙන් දඬුවම් හෝ දඩ පනවා නැත.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435