කොරෝනා නිසා UAEහි දෙදෙනෙක් මරුට

මුළු මහත් ලෝකයටම තර්ජනයක්ව පවතින කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට විශාල ප්‍රමාණයක් මරණයට පත්ව විශාල ප්‍රමාණයක් ආසාදිතයින් බවට පත්කර තිබේ.

මැදපෙරදිග රටවල් කිහිපයකම මේ වනවිට කොරෝනා පැතිරිමේ අවදානමට ලක්ව තිබෙන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෛරසය ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනෙක් මරණයට පත්ව තිබෙන බව අද (21) පළමු වරට නිවේදනය කර තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෞඛ්‍ය සහ රෝග නිවාරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන්කර ඇත්තේ මරණයට පත්වූ අයගෙන් එක් අයෙක් යුරෝපයේ සිට පැමිණි අයකු බවත් ඔහු 78 හැවිරිදි අරාබි ජාතිකයකු වන බවයි.

ඔහුගේ මරණයට හේතු වී ඇත්තේ හෘදයාබාධයක් බවත් කොරෝනා වෛරසය නිසා ඇති වූ සංකූලතා ඊට හේතුවී ඇති බවත් සෞඛ්‍ය සහ රෝග නිවාරණ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

දෙවැනි පුද්ගලයා 58 හැවිරිදි ආසියානු ජාතිකයකු බවත් හෙතෙම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නේවාසිකයකු බවත් එම අමාත්‍යාංශය සඳහන් කළේය. ඔහුද වෙනත් රෝගාබාධවලින් පීඩා විඳිමින් සිටි අයකු බවත් කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ ඔහු තවත් දුර්වල වීමත් සමඟ මරණයට පත්වූ බවත් එම අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළේය.

අද වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 140 දක්වා ඉහළ ගොස් ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435