කොරෝනා නිසා UAE හි සිරවී සිටි ලාංකිකයින් 332ක් දිවයිනට

කොරෝනා නිසා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිරවී සිටි ලාංකිකයින් 332ක් දිවයිනට අද (02) දිවයිනට පැමිණ තිබේ.

අද දින අලුයම 2.15 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයේ මෙම පිරිස දිවයිනට පැමිණ තිබෙන බවයි වාර්තා වෙන්නේ.

මෙම ගුවන් මගීන් අතර කුඩා ළමුන් සිව් දෙනෙකු ද සිටි බවත් සඳහන්.

ගුවන් මගීන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසුව PCR පරීක්ෂණ වලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායන කටයුතු සදහා එම මධ්‍යස්ථාන වෙත යොමු කර තිබුණි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435