“කොරෝනා” ලෙබනනය හා ඊශ්‍රායලයත් ආක්‍රමණය කරයි

ලෙබනනයෙන් සහ ඊශ්‍රායලයෙන්ද පළමු වරට නව කොරෝනා ආසාදිතයින් වාර්තා වෙයි.

කෲස් නෞකාවේ මුහුදු ගමනකට එක්ව ආපසු ඊශ්‍රායලයට පැමිණි ඊශ්‍රායල් කාන්තාවකට “කෝවිඩ්19″ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබේ.

ඊශ්‍රායලයෙන් වෛරසය ආසාදිතයෙකු හමුවූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර අදාල කාන්තාව රෝගී වී ඇත්තේද ඊශ්‍රායලයට පැමිණීමෙන් පසුවයි.

එමෙන්ම ලෙබනනයෙන්ද පළමු කොරෝනා ආසාදිතයෙකු හමුවූ බවට එරට රජය නිකුත්කල නිවේදනයක සඳහන්. මෙම ආසාදිතයා කාන්තාවක් වන අටර ඇය ඉරානයේ ශුද්ධ වූ කොම් නගරයේ සිට ලෙබනනයට පැමිණ තිබේ.

චීනයෙන් පිටත නව කොරෝනා වෛරසයේ පැතිර යාම ලෝක සෞඛ්‍යය සංවිධානයේ දැඩි අවධානයට ලක්ව තිබෙන අතර වෛරසය පැතිර යාම පාලනය කිරීමට ලැබූ ඉඩ ප්‍රස්ථාව පටු වී ඇති බවද එම සංවිධානය පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මේ වනවිට කොරෝනා වෛරසය රටවල් රැසක් ආක්‍රමණය කර ඇති බැවින් හා විශාල පිරිසක් ආසාදිතයින් බවට පත්වී ඇති බැවින් ඊශ්‍රායලයේ හා ලෙබනනයේ සේවය කරන ලාංකික ඔබත් ප්‍රවේශමෙන් කටයුතු කරන්න‍.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435