කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාම නිසා ලෙබනනය ලොක්ඩවුන්

කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාම නිසා රටටම බලපැවැත්වෙන පරිදි ලොක්ඩවුන් සීමා පැනවීමට ලෙබනන් රාජ්‍ය කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඉකුත් සෙනසුරාදා දින වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 175ක් හඳුනාගැනීමත් සමඟ මෙම තීරණය ගැනිමට රජය කටයුතු කරන අතර එම ගණන එක් දිනක් තුළ ලෙබනනයේ වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණනයි.

ආසාදිතයින් ප්‍රමාණය දිනෙන් දින වර්ධනය වීමත් සමඟ ලෙබනනයේ සුඛ්‍ය පද්දතියට දැඩිව බලපෑමක් සුදුකර තිබෙන අතර මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් යම්තාක් දුරට වෛරසය පැතිරීම පාලනය කර ගැනීම සඳහා ජූලි 30 වෙනි දින එනම් අද් දිනයේ සිට අගෝස්තු මස 03 වෙනිදා දක්වා රටටම අගුළු දැමීමට කටයුතු කර තිබේ.

ලොක්ඩවුන් සීමා අගෝස්තු මස 03 වෙනි දින සිට 06 වෙනි දින දක්වා තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන අතරම එම කාලය තුළ අවන්හල් හා කෝපිහල් විවෘත කිරීමට අවසර දී ඇත.නමුත් එම ස්ථානවලට ඇතුළුකර ගත හැකි පුද්ගලයින් ප්‍රමාණය ආසන සංඛ්‍යාවෙන් 50%ක පිරිසක් බවට සීමා පනවා තිබේ.

කෙසේ නමුත් එම කාලය ඇතුළත රාත්‍රී සමාජ ශාලා,බීමහල්,ගෘහස්ත පිහිනුම් තටාක හා පොදු උද්‍යාන සියල්ලක්ම පාහේ වසා තැබෙන බවයි නිවේදනය කර ඇත්තේ.

ලෙබනනයේ අදවනවිට කොරෝනා ආසාදිතයින් 3,879ක් හඳුනාගෙන තිබෙන අතර පුද්ගල මරණ 51ක් වාර්තා වෙයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435