කොරෝනා වෛරසයට ගොදුරු වූ ලාංකිකයෙකු ජීවිතක්ෂයට

ස්විස්ටර්ලන්තයේ සිටි ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයෙක් කොරෝනා ආසාද‍නයෙන් මිය ගොස් ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශ තහවුරුකර තිබේ.

මේ සම්බධයෙන් අදහස් දක්වමින් විදේශ සබඳතා අමාත්‍යාංශයේ ප්‍රකාශිකා රුවන්ති දෙල්පිටිය මහත්මිය ප්‍රකාශ කළේ මියගිය පුද්ගලයා 59 හැවිරිදි වියේ පසුවූ අයෙක් බවයි.එසේම කොරෝනා වෛරසයට ගොදුරු වී මියගිය පළමු ලාංකිකයා ඔහු වන බවයි.

මෙම ලාංකිකයා මිය ගිය බවට ජර්මනියේ බර්ලින් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ස්විස් සෞඛ්‍ය බලධාරීන් දැනුම් දුන් බවත් ඇය මෙහිදී ප්‍රකාශ කරන ලදී.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435