කොරෝනා වෛරසයේ අවසානයක් ගැන WHO ගෙන් නිවේදනයක්

ලොවපුරා ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරසයේ අවසානයක් දැකීමට තවත් වසර දෙකක කාලයක් ගත වෙනු ඇති බවට තමන් විශ්වාස කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි වෛද්‍ය  Tedros Adhanom Ghebreyesus පවසනවා.

මිලියන 50 කට අධික පුද්ගලයින් සංඛ්‍යාවක ගේ ජිවිහ බිලිගනිමින් වර්ෂ 1918 දී ලොවපුරා ව්‍යාප්ත වූ ස්පාඤ්ඤ උණ නම් වෛරසයේ ව්‍යාප්තිය අවසන් වීමට වසර දෙකක කාලයක් ගතවූ බවයි මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සිහිපත් කර සිටියේ.

වර්ථමාන ලෝකයේ ඇති තාක්ෂණික දියුණුව නිසා වසංගත තත්ත්වය ඊට පෙර අවසන් වීමට ඇති හැකියාවද ඉතා ඉහල බවයි ලෝක සෞඛ්‍ය සන්විධානියා මාධ්‍ය සාකච්ජාවකට එක් වෙමින් අවධාරණය කළේ.

” වසංගත ව්‍යාප්තිය පාලනය කිරිමේ තාක්ෂණික හැකියාව සහ දැනුම අප සතුවන්න පුළුවන්. නමුත් ඊට වඩා ජාතික සමගිය හා ගෝලීය සහයෝගිතාවය ද ඉතා වැදගත්” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කියා සිටියා.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435