කොරෝනා වෛරසය ආසාදනය වූවන් ගැන නිකුත්කළ නවතම ආරංචිය මෙන්න

කොරෝනා වෛරසය ශරීරගත වූ රෝගීන් සංඛ්‍යාව 101 යැයි රජයේ සංඛ්‍යා ලේඛනවල සඳහන් වුවත් මේ වනවිට දිවයින පුරා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 500කට ආසන්න ප්‍රමාණයක් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා ප්‍රකාශයක් නිකුත්කර තිබේ.

එලෙස සිදුවී ඇත්තේ ඇඳිරි නීතිය වත්කරන අවස්ථාවේ පුද්ගලයින් රැසක් ඒකරාෂී වීමත් ඔවුන් සමාජ දුරස්ථකරණය තබා නොගැනීම නිසාබව පෙන්වාදෙන ඒ මහතා මෙම තත්ත්වය නිසා වෛරසය වැළඳී ඇතැයි සැක කළ හැකි බවත් ඉදිරි දින 14 අවසන් වන අප්‍රේල් 08 වැනිදා වන විට රටතුළ රෝගීන් සංඛ්‍යාව විශාල වැඩිවීමක් බලාපොරෙතාත්තු විය හැකි බවත් පෙන්වා දෙයි‍ෛ

දැනටමත් රෝහල් ගතව ප‍්‍රතිකාර ලබන රෝගීන් සමග ස්පර්ශක සබඳතා පැවැත්වූ 19000 කට ආසන්න පුරවැසියන් පිරිසක් සෞඛ්‍ය අංශයන්හි ආරක්ෂක අංශයන්හි හා පරිපාලන අංශයන්හි නිරෝධායන නිරීක්ෂණය යටතේ රට පුරා විසිර සිටිතියි වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පෙන්වා දුන්නේය.

එනමුත් සියලු පුරවැසියන් බලධාරින් ලබාදෙන සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදින්නේ නම් ඉදිරි සති දෙක තුල දී සතුටුදායක ප‍්‍රවණතාවයක් අපේක්ෂා කළ හැකි යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435