“කොරෝනා” හතරවන අදියර අභියස සිට ලියමි

නව කොරෝනා එසේත් නැතිනම් SARS-CoV-2 වෛරසයේ වර්ග කිහිපයක් මේ වන විට හදුනාගෙන ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණයකට අනුව ලංකාවේ බහුලව ආසාදනය වී ඇත්තේ Type A ලෙස සදහන් කර ඇත. ඇමරිකාව ආක්‍රමනය කලේද  Type A වෙයි.

තවමත් සාර්ථක එන්නතකින් මෙම ආසාදනය පාලනය කිරීමේ අවස්ථාව අපට නැත. සමාජ දුරස්ථභාවය, සබන් යොදා අත් සේදීම, මාස්ක් භාවිතය , ආසාදිත පුද්ගලයින් වෙන්කර තබා ගැනීම, විශබීජහරනය වැනි ක්‍රම මගින් මෙය තවමත් පාලනය කිරීමේ අසීරු ක්‍රියාදාමයක නියැලෙමින් සිටී.

මහජනතාවගේ කාර්යභාරය සාර්ථකව සිදු වුනාද?

1.සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට රජය විසින් රට පුරා ඇදිරිනීතිය යොදන ලදි.

ආසාදිත පුද්ගලයින් සාමාන්‍ය පුද්ගලයින් හා ගැටීම අවම කිරීමට රජය ගත් මෙම ක්‍රියාමාර්ගය සදහා මහජනතාවගේ සහයෝගය කෙසේදැයි සොයාබලමු.
කොටසක් නිවෙස් වලට වී සිටින අතර තවත් කොටසක් කුමන හෝ හේතුවක් සාදා ගෙන නීතියෙන් රිංගා ගමෙන් ගමට, නගරයෙන් නගරයට , දිස්ත්‍රික්ක අතර සංචරණය වෙමින් පවතී. අදාල නීති යොදා ඇත්තේ මහජනතාවගේ ආරක්ෂාවට බව නොසලකා කටයුතු කරන මොවුන් රට පුරා රෝගය පැතිරවීමට විශාල දායකත්වයක් සපයයි.

2.සබන් යොදා තත්,20 ක් වත් අත් සේදීම හා Sanitizers භාවිතය

මෙය තවමත් සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වෙයි.

3.මාස්ක් භාවිතය

ප්‍රමිතියට නිශ්පාදනය කල මාස්ක් භාවිතය අඩු බවක් දැනුනත් බෙහෝ දෙනෙක් මාස්ක් භාවිතයට හුරුවී ඇත. තවමත් මාස්ක් භාවිතයේ ප්‍රධාන අරමුන ආසාදිත පුද්ගලයින්ගෙන් නිරෝගී පුද්ගලයින්ට වෛරසය ආසාදනය වීම වැලැක්වීමයි.

කණගාටුවට කාරනය නම් පිරිසක් මාස්ක් “නිකට, බෙල්ල, කට, හිස” වැනි ප්‍රදේශයන්ට පැලදීමත් භාවිතා කරන මාස්ක් හිතුමතේ තැන් තැන් වල ඉවත දැමීමත් ය.

4. ආසාදනය වූවා දැයි සැක සහිත පුද්ගලයින් සාමාන්‍ය අයගෙන් වෙන්කර තබා ගැනීම.

නිරෝධායනය ක්‍රියාවලිය යටතේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ මැදිහත්ව සිදුකරන මෙම ක්‍රියාවලිය සාර්ථක බව පෙනෙයි. ඇතැම් අවස්ථාවල ස්වයං නිරෝධායනය සිදුකලත් එම පුද්ගලයින්ගෙන් ලැබෙන සහය ඉතා අවම බව දක්නට ලැබුනි.

තම නිවසේ නොසිට බාහිරයේ ඇවිදීමට යාම මෙහි දැකිය හැකි කනගාටුදායක සිදුවීමක් විය. නිරෝධායනය කදවුරු වල සිටින මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයින් සිදුකරන ක්‍රියා පාලනය කරගැනීමට සෞඛ්‍ය හා ආරක්ෂක අංශ දැඩි පරිශ්‍රමයක් දරමින් සිටී.

ආසාදිත යැයි සැක කටයුතු පුද්ගලයින් පරීක්ෂා කිරීමට, නිරෝධායනය සදහා යොමු කිරීමට සහය වන සෞඛ්‍ය හා ආරක්ෂක අංශ නිලධාරීන් නියමිත පරිදි PPE (Personal Protective Equipment) භාවිතය නොකිරීම නිසා වැලිසර නාවුක කදවුරේ නිලධාරීන් ආසාදනය වීම ඉතාම කණගාටුවට කරුණකි.

අවශ්‍ය PPE නොලැබීම හෝ නොපැලදීමත්, සුදුවැල්ල වැඩසටහනට යොමුකල නිලධාරීන් වෙනකර තබා නොගැනීමත්, එම නිලධාරීන් නිවාඩු යැවීමත් මෙම අවාසනාවන්ත සිදුවීමට හේතුව වී ඇති බව දැකිය හැක. වර්ථමාන ආසාදිත සංඛ්‍යාව “J”  curve දක්වා ගෙන ඒමට මෙය දායක විය.

5. විෂබීජ හරණය

0.1- 1.0% සෝඩියම් හයිපොක්ලෝරයිඩ් හා 70% එතිල් ඇල්කොහොල් බහුලව භාවිතා කරයි. නිසි ක්‍රමවේදයකට නොමැතිව කෙලින්ම ශරීරයට ස්ප්‍රේ කිරීම වැනි ක්‍රියා නිසා ඇස්, ශ්වසන පද්ධතිය , සම විනාශ වීම සිදුවිය හැක.

තවමත් බොහෝ තැන් වල භාවිතයට නොගත්තත් සංවෘත ප්‍රදේශ ජීවානුහරනය කිරීමට (පුද්ගලයින් ඉවත්කර) ෆෝමලීන් වාශ්ප භාවිතා කල හැකිය.

යකඩ අඩංගු උපකරණ යන්ත්‍ර පරිගනක ගේ දොර උපකරණ වලට සෝඩියම් හයිපොක්ලෝරයිඩ් යෙදීම නිසා ඉතා ඉක්මනින් මලකඩ ඇතිවී දිරායාම සිදුවී විනාශ වෙයි. එවැනි යකඩ අඩංගු දේ සෝඩියම් හයිපෝක්ලෝරයිඩ් වෙනුවට 70% එතිල් ඇල්කොහොල් යොදා වෛරසය විනාශ කල හැක. නැතහොත් ආර්ථික අවපාතයක් ඇති මේ අවස්ථාවේ යන්ත්‍ර විනාශවීම තවත් බරක් වනු ඇත.

ඉතා ඉහල සංවේදී තාවයක් ඇති RT-PCR දිනකට සිදුකරන පරීක්ෂණ සංඛ්‍යාව ඉහල දැමීම නිසා හදුනාගන්නා ආසාදිත සංඛ්‍යාව ඉහල ගොස් ඇත.

මේ වන විට රට පුරා RT-PCR පරීක්ෂණ සිදුකරන පර්යේෂණාගාර 10ක් පමන ස්ථාපිතව ඇති අතර තවත් කිහිපයක් ඉතා කඩිනමින් සූදානම් වෙමින් පවතී.

තවමත් මෙම පර්යේෂණාගාර වලට එවන නිදර්ශක ප්‍රමානය අවම අගයක පවතී. දැනට තිබෙන මෙම පර්යේෂණාගාර එකතුවේ අවම වශයෙන් දිනකට පරීක්ෂණ 1200 සිදුකල හැක. තවමත් එම ධාරිතාවය අප ප්‍රයෝජනයට ගෙන නොමැත. RT-PCR සදහා විශේෂ පුහුනුව ලත් වෛද්‍ය පර්යේෂණාගාර විද්‍යාඥයන් අනුයුක්ත කර ඇති අතර තවත් විශේෂ පුහුනුවලත් වෛද්‍ය පර්යේෂණාගාර විද්‍යාඥයන් 200 රට පුරා ඕනෑම අවස්ථාවක සම්භන්ද වීමට සූදානමින් තබා ඇත.

තවමත් පරීක්ෂණ සිදුකරන ප්‍රමානය අවම මට්ටමක පවතින අතර දැන් Screening ප්‍රමානය වැඩිකල යුතුව ඇත. එයට හේතුව Cluster ප්‍රමාණය ඉහල යමින් පවතින බැවිනි.

Pool Sampling

මේ අවස්ථාවේ වඩා වැදගත් වන්නේ ඉතාම ඉක්මනින් ආසාදිත පුද්ගලයින් සාමාන්‍ය පිරිසෙන් වෙකර ගැනීමයි. එයට, දිනකට සිදුකරන පරීක්ෂණ ප්‍රමාණය ඉහල දැමීම සිදුකල යුතුය. පුද්ගලයින් 05 බැගින් pool sample සාදා පරීක්ෂණ සිදුකලහොත් වර්ථමාන පරීක්ෂණ ධාරිතාවයෙන් දිනකට අවම වශයෙන් පරීක්ෂණ 6000 සීමාවට අපට ලඟාවිය හැකිය.

Pool Negative නම් පුද්ගලයින් 05 දෙනාගේම නිදර්ශකවල වෛරසය නොමැති බව සනාථ වෙයි. Positive වුවහොත් පුද්ගලයින් 05 වෙන වෙනම පරීක්ෂණ සිදුකල යුතු වෙයි.පවතින තත්ත්වය යටතේ වඩා වාසි සහගත හා ලාබදායි ක්‍රමය මෙය වෙයි.

ආසාදිත සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහල ගොස් රෝහල් ගතවන ප්‍රමාණය ඉහල ගියහොත් සෞඛ්‍ය අංශ වලට දරාගත හැකි සීමාව ඉක්මවනු ඇත.

එසේ වුවහොත් සිදුවන්නේ කුමක්ද ?

සරලවම කිවහොත් ඉතාලියට, ඇමරිකාවට සිදුවුන දේ අපට සිදුවනු ඇත. අපගේ රට වැනි තවමත් සංවර්ධනය වෙමින් පවතින රටකට මෙය පාලනය කරගත නොහැකි වුවහොත් සිදුවන ජීවිතහානි ඉතා ඉහල යනු ඇත.

රජයකට පාලනය කල හැකි වන්නේ යම්කිසි සීමාවක් දක්වා පමනි. මහජනතාව මේ අවස්ථාව වඩාත් හොදින් තේරුම්ගත යුතුය.

මාසයකට අදික කාලයක් පෞද්ගලික අංශයේ සියලු කර්මාන්ත ශාලා වසා ඇත. එහි රැකියා කල ලක්ෂ 50කට අදික පිරිසක් හා ඔවුන්ගේ පවුල් දැඩි ආර්ථික අසීරුතාවයකට පත්ව ඇත. දෛනිකව රැකියාකල ලක්ෂ ගණනක්, ඔවුන්ගේ පවුල් අසීරුතාවයට පත්ව ඇත. රටම දැඩි ආර්ථික අගාදයකට වැටී ඇත. මෙසේ තිබියදී දිගටම දිවයිනේම ඇදිරිනීතිය පවත්වා ගැනීම ප්‍රායෝගික දැයි සිතිය යුතුය.

රජයේ සීමාව ඉක්මයමින් පවතින මේ අවස්ථාවේ එලබී ඇත්තේ මහජනතාවගේ කාර්ය ඉටුකල යුතු අවස්ථාවයි.

සියලුමදෙනාම තම තමන්ගේ වගකීම අනිවාර්යයෙන්ම ඉටුකල යුතු අවස්ථාව එලඹ ඇත. අප සියලු දෙනාගේ වගකීම ඉටු කලහොත් ඉතා ඉක්මනින් රට යතා තත්ත්වයට ගෙන ආ හැක. එසේ නොවුව හොත් “පැනඩෝල්” පෙත්තක් වත් නොමැතිව මහ මග මිය යා හැක.

අප මෙය කල යුතුමය. අපට මෙය පාලනය කල හැක.

රජිත් ප්‍රියංකර ගමගේ

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435