කොරෝනා Positive රිපෝට් පසුදින Negative වුනේ ඇයි ?

මේ වන විට මහත් ආන්දෝලනයකට පත්ව ඇති මාතෘකාවක්. සෞඛ්‍ය අංශයේ නිලදාරිනියකටත් ආසාදිත වූවා යැයි ප්‍රවෘත්තික්, සමාජයේ මත පලකරන්නන් බොහෝ මත පලකර තිබුනා. මිනිස්සු අතරේ කොරෝනා ආසාදිත දැයි පරීක්ෂා කරන PCR පරීක්ෂණ කෙරෙහි තිබූ විශ්වාසය බිදී ගියා.

RT PCR පරීක්ෂණය කියන්නේ මොකක්ද?

Pregnant ද, කියලා Urine පරීක්ෂා කරලා බලන පරීක්ෂණය බොහෝ දෙනෙක් දන්නවා. Strip එක අරගෙන Urine වලට දාලා තවත් Red Line එකක් එනවද බලනවා, හැබයි PCR පරීක්ෂණය ඒ වගේ එකක් නම් නෙවෙයි.

කොරෝනා හදුනා ගන්නේ වෛරසයේ ජාන සැකැස්ම මගින්.

ඉතාම කුඩා අනුක කොටස් වෙන්කර ගෙන, ඒවා ගුනනය කර හදුනා ගන්නා සංකීර්ණ ක්‍රියාවලියක්.

  • ලබා ගන්නා නිදර්ශක Viral Transport Medium (VTM) තුල බහා safty pack එකක පර්යේෂණාගාරය වෙත යොමු කරයි.
  • Bio Safty Cabinet එකක් තුල safty pack විවෘත කර පරීක්ෂණය ආරම්භ කරයි.
  • Votex Mixture මගින් මිශ්‍රකර ලබා ගන්නා නිදර්ශකයේ ඇති සෛල බිද දැමීම(Lyse) පලමුව සිදුකරයි.
  • එසේ සිදුකරන්නේ සෛල තුල ඇති වෛරසය නිදහස් කර ගැනීමටය.

මෙසේ ආරම්භ කරන පරීක්ෂණය පියවරෙන් පියවර සිදුකරනුයේ පරීක්ෂණය සදහා යොදාගනු ලබන kit එක නිශ්පාදනය කර ඇති නිශ්පාදකයාගේ උපදෙස් පරිදිය. කොරෝනා වෛරසයේ ඇති RNA , DNA බවට හැරවීමත්, එය ගුනනය කර හදුනා ගන්නා අවස්ථාව දක්වා හැම පියවරකටම අභයන්තර  තත්ව පාලන ද්‍රවයක් සමග පරීක්ෂණය සිදු කරයි.

මෙසේ හැම පියවරටම අභ්‍යන්තර තත්ව පාලන ද්‍රවය යොදන්නේ සිදුවීමට ඇති වැරදි අවම කිරීමටයි. පරීක්ෂණය අවසානයේ පරීක්ෂණ kit එකේ එන තත්ව පාලන ද්‍රවය වල නියමිත Positive  හා Negative නිරූපණය වූවා නම් එම Batch එකේ, පරීක්ෂණයේ සියලුම පියවරයන් සාර්ථකව සිදුවූ බව නිගමනය වෙයි.

Cycle 35 – 40 වැනි අවස්ථාවල Positive වීම Non Specific Primer Binding නිසා සිදුවිය හැකි අතර සිදුකරන නිලධාරියාගේ ප්‍රවීන තාවය මත නිගමනයට එලබීම සිදුවෙයි.

එනම් මෙය Positive හෝ Negative තීරණය කරන්නේ අදාල නිලධාරීයාය.

මෙය, Electrolyte Analyzer එකක පෙන්වන රුධිරයේ ඇති සෝඩියම් හා පොටෑසියම් සාන්ද්‍රනය ලියා ගන්නවා වැනි කාර්යක් නොවන්නේ එබැවිනි. Urine වලට HCG strip එක හැමෝටම දාන්න පුළුවන් වුනාට මෙවැනි පරීක්ෂණ මැෂින් ඔපරේටර්වරුන්ට කරන්න බැරි හේතුව එයයි.

සමාජයේ මත කිහිපයක් බලමු

  1. China Kit එක ගොඩක් රට වල වැඩ කරන්නේ නැතිලු. අපෙත් එහෙම වෙන්න ඇති.පරීක්ෂණ කට්ටලයේ එන තත්ව පාලන ද්‍රවය Internal Control හෝ Internal Quality Control  සමග පරීක්ෂණය අනිවාර්යයෙන් සිදුකරයි. මෙය මගින් පරීක්ෂණයේ සියලුම පියවරයන් අධීක්ෂණය වෙයි. අවසානයේ තත්ව පාලන ද්‍රවය නිශ්පාදකයා සදහන් කර ඇති ආකාරයට Positive , Negative ලබා දුන්නේ නම් kit එක නියම ආකාරයෙන් ක්‍රියා කරයි. ඒ සමග කල නිදර්ශක වල වාර්ථා ලබාදීමට හැක. පරීක්ෂණය අවසානයේ තත්ව පාලන ද්‍රවය නියමිත පරිදි Positive ,Negative ලබා නොදුන්නේ නම් එම පරීක්ෂණ කට්ටලය වලංගු නොවේ. නිදර්ශක ප්‍රතිඵල නිකුත් කල නොහැක. නැවත වලංගු පරීක්ෂණ කට්ටලයකින් පරීක්ෂණය සිදුකල යුතුය.
  2. Sample Contamination වෙන්න ඇති
    Positive නිදර්ශක වල කොටස් අනෙක් නිදර්ශක සමග මිශ්‍ර වීම. ජානමය ද්‍රවය ඇසට නොපෙනෙන ඉතා කුඩාම කොටස්. මෙය පහසුවෙන් විසිරෙන්න පුළුවන්.මෙය පරීක්ෂණය සිදුකරන නිලධාරීයාගේ ප්‍රවීන තාවය මත වලක්වා ගත හැකි දෙයක්.
  3. PCR Analyzer එකේ Calibration වැරදි ඇති
    PCR Analyzers පර්යේෂණාගාර වලට ලබා ගන්නා විට අදාල සමාගම සමග ගිවිසුමකට එලබෙනවා. එවිට අදාල සේවා සපයන්න එම සමාගම හෝ නියෝජිත ආයතන බැදී සිටිනවා. Service , Maintains හා Calibration ඔවුන් සිදු කරනවා. සමහර PCR Analyzers එන්නේ Research Purpose Only කියලා. සාමාන්‍යයෙන් එවැනි PCR Analyzers,  ආසාදිත පුද්ගලයන්ගේ නිදර්ශක පරීක්ෂා කරන්න ගන්නේ නෑ. හැබයි IVD Certificate අරගෙන Validation කරලා භාවිතා කරන්න පුළුවන්.
  4. වෛරසය තිබිලා ප්‍රතිශක්තිය නිසා දවසකින් වෛරසය නැතිවෙන්න ඇති.
    වෛරසය ඇගට ඇතුළු වුන පමනින්ම රෝගය සෑදෙන්නේ නෑ. අපේ ප්‍රතිශක්තිකරණ පද්දතිය ශක්තිමත් නම් වෛරස විශාල ප්‍රමානයක් ඇගට ඇතුලු වුනත් ඒවා ශරීරයෙන් විනාශ කරනවා. හැබයි වෛරසය පරීක්ෂණයේදී Positive උනා කියන්නේ ප්‍රතිශක්තිකරණ සීමාව ඉක්මවා ගිහින්. කොරෝනා ආසාදනයේදී Positive හෝ Negative කියනවා. චුට්ටක් කොරෝනා කියලා වෙන රටවල තවම කියලා නෑ. ඒකත් චුට්ටක් Pregnant කියන්නේ නෑ වගේ.
    තව එකක් අපිට කරන්න පුළුවන්. වෛරසයට නිරාවරණය වුන කෙනෙක්ගේ එයට එරෙහි ප්‍රතිදේහ ඔහුගේ ශරීරයේ නිශ්පාදනය වෙනවා. වෛරසයට නිරාවරණය වෙලා සාමාන්‍යයෙන්  දින 7-10 වගේ IgM, දින 10 ට පසු IgG ප්‍රතිදේහ පරීක්ෂාව කරන්න පුළුවන්. එසේනම් මේ අයගේ ඇත්තටම Positive තිබිලා දවසකින් Negative වුනා නම් දැන වෛරසය නෑ. හැබයි ප්‍රතිදේහ අනිවාර්යයෙන් තියෙන්න ඕන.
  5. MLT ගේ වරදක් වෙන්න ඇති.
    වෛද්‍ය පර්යේෂණාගාර විද්‍යාඥයන් ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ මේවන විට පර්යේෂණාගාර 10ක කොරෝනා සදහා RT-PCR පරීක්ෂණ සිදුකරනවා. ඉහත ප්‍රශ්නය, එනම් Positive වාර්ථා පසුදින Negative වීම සිදුවූයේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති පර්යේෂණාගාර වල නොවෙයි. ඒ කිසිම තැනක වෛද්‍ය පර්යේෂණාගාර විද්‍යාඥයන්  (MLT/MLS) සේවයේ යොදලා නෑ.
    වෛද්‍ය පර්යේෂණාගාර විද්‍යාව පිලිබඳව උසස් ඩිප්ලෝමා පාඨමාලාව හා වෛද්‍ය පර්යේෂණාගාර විද්‍යාව පිලිබඳව රජයේ විශ්ව විද්‍යාල ගනනාවක සිව් අවුරුදු විශේෂ උපාධිය ලබා ඇති වෛද්‍ය පර්යේෂණාගාර විද්‍යාඥයන් ලංකාව පුරා පර්යේෂණාගාර 10ක සේවා සපයනවා. අවශ්‍ය අවස්ථාවක සහය දීමට තවත් වෛද්‍ය පර්යේෂණාගාර විද්‍යාඥයන් 200ක් රට පුරා සූදානමින් තබලා තියෙන්නේ.
    මේක ලෝක ව්‍යසනයක්, අපි පටු අරමුනු වලට නොයා ඉමු. අසරණ ජීවිත රකින්න එක්වෙමු.✍️ රජිත් ප්‍රියංකර ගමගේ

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435