කොලාවලපුර රෝහලේ ගුරුවරුන් නිරෝධායනයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා පොලිසියට දැනුම් දෙයි

නිරෝධායනය කළ බප/පිළි/කොතලාවලපුර විදුහලේ ගුරුවරුන්ගේ නිරෝධායනය වහා ඉවත් කිරීමට රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විිසින් ගල්කිස්ස පොලීස් අධිකාරිවරයා වෙත දැනුම් දී ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

බප/පිළි/කොතලාවලපුර විදුහලේ නවාතැන් ගෙන සිටි නාවික හමුදා සෙබළුන් කිහිපදෙනෙකු කෝවිඞ් 19 අසාදිතයන් බවට තහවුරු වී තිබූ අතර, එම පාසලේ විදුහල්පතිවරයා විසින් පසුගිය 21 දින වැටුප් ලේඛන අත්සන් කිරීමට එම පාසලේ ගුරුවරු පාසලට ගෙන්වා තිබුණි. එම තත්ත්වය තුළ අදාළ ගුරුවරු ඔවුන්ගේ නිවෙස් තුළම නිරෝධායනයට ලක් කිරීමට පොලීසිය විසින් පියවර ගෙන තිබුණි.

එහෙත් රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් ගල්කිස්ස පොලිස් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අමතන ලද 2020.05.30 දිනැති  MOH/RAT/Gen/2020 අංකයෙන් යුතු ලිපිය මගින් දැනුම් දී ඇත්තේ නිරෝධායනයට ලක්කර ඇති කොතලාවලපුර විදුහලේ මුරකරු සහ ගුරුවරුන්ගේ නිරෝධායනය වහා ඉවත්කරන ලෙසයි.

මෙසේ පොලීසිය විසින් ගුරුවරු නිරෝධායනයට ලක් කිරීමත්, රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්වරයා විසින් ඔවුන් නිරෝධායනයෙන් ඉවත් කිරීමත් බරපතල පරස්පර තත්වයකි. මේ තත්ත්වය තුළ ගුරුවරු දැඩි අපහසුවකට හා පීඩාවකට පත්ව ඇති අතර, එසේ පීඩාවට පත්වීමට හේතු වී ඇත්තේ අනවශ්‍ය ලෙස එම ගුරුවරු විදුහල්පතිවරයා විසින් පාසලට ගෙන්වීමයි.  මෙලෙස ගුරුවරු අපහසුවට හා පීඩාවට පත්වන ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය බරපතල අප‍්‍රසාදය පළ කර සිටී.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435