කොවිඩ් වසංගතයෙන් පසු 21 දෙනෙක් දකුණු කොරියාවට යයි

කොවිඩ් වසංගත තත්ත්වයෙන් පසු දකුණු කොරියාවේ රැකියා සඳහා යෑමට 21දෙනෙකු ගෙන් සමන්විත තරුණ ශ්‍රමිකයින් කණ්ඩායමක් තෝරාගෙන තිබේ.

කොවිඩ් -19 වසංගතයෙන් අනතුරුව එරට රැකියා සඳහා නික්මෙන මෙරට ප්‍රථම ශ්‍රමිකයින් කණ්ඩායම ඔවුන් බව සඳහන්ය.

එම කණ්ඩායම හෙට (24) දකුණු කොරියාව බලා යෑමට නියමිත බව ශ්‍රී ලංකාවේ පිහිටි දකුණු කොරියානු තානාපති කාර්යාලය පවසයි.

ඔවුන් පසුගියදා ශ්‍රී ලංකාවේ සිටින දකුණු කොරියානු තානාපති ජියොන් වූන්ජින් මහතා හමුවී ඇති අතර තරුණ පිරිස සමග සුහද පිළිසඳරක නිරත වෙමින් තානාපතිවරයා පැවසුවේ මෙය “වැදගත් සහ වටිනා” මොහොතක් බවයි.

මෙම පිරිසට දකුණු කොරියාවේ සංවර්ධනය වෙනුවෙන් දායකවීමටත් දෙරට අතර බැඳීම ශක්තිමත් කිරීමටත් හැකියාව ලැබෙතැයි තමා විශ්වාස කරන බවද හෙතෙම මෙහිදී සඳහන් කළේය.

මේ වනවිට, ශ්‍රී ලාංකිකයින් 23,000ක් පමණ දකුණු කොරියාවේ රැකියාවල නියැළෙන අතර ඔවුන් අමෙරිකානු ඩොලර් මිලියන 520ක් පමණ මෙරටට ඒවා තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435