කොවිඩ් 19 අහඹු පරීක්ෂණ ක්‍රියාවලිය විධිමත් කරන ලෙස ඉල්ලයි

ප්‍රමාද වී හෝ ආරම්භ කරන ලද අහඹු පරීක්ෂණ ක්‍රියාවලිය විධිමත් හා සීඝ්‍රගාමී ක්‍රියාවලියක් ලෙස පවත්වා ගැනීම සඳහාත්, ඒ සඳහා වැයවන පිරිවැය අවම කිරීම සඳහාත්, පි සී ආර් පරීක්ෂණය මතම පමණක් පදනම් නොවෙමින් අනෙකුත් ජීව රසායන විද්‍යා පරීක්ෂණද භාවිතයට ගන්නා ලෙස ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටින බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යවමින් ඉල්ලා සිටී.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

කෝවිඩ් 19 වසංගත පාලනය සඳහා රෝගීන් හා ආශ්‍රිතයන් පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියට සමගාමීව විධිමත් අහඹු පරීක්ෂණ ක්‍රියාවලියක් දිවයින පුරා ක්‍රියාත්මක කරන ලෙස අප විසින් දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලීම් කරනු ලැබූ අතර ඒ පිළිබඳව ප්‍රමාදවී හෝ අවධානය යොමු වීම පිළිබඳව අගේ කොට සළකමු.

කෙසේ නමුත් කෝවිඩ් 19 පරීක්ෂණ ක්‍රියාවලිය ක්ෂුද්‍රජීවී විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනෙකුගේ උපදෙස් මත පදනම්ව ක්‍රියාත්මක කිරීමට සිදු වීම හේතුවෙන් උක්ත අහඹු පරීක්ෂණ ක්‍රියාවලිය ප්‍රමාද කිරීමට සිදු වූ බව අප දැඩි ලෙස විශ්වාස කරමු.

කොවිඩ් 19 පරීක්ෂණ ක්‍රියාවලිය ක්ෂුද්‍රජීවවේදී පරීක්ෂාවක් ලෙස පමණක් සීමා කර ගැනීම හේතුවෙන් සමස්ථ පරීක්ෂණ ක්‍රියාවලිය පී සී ආර් පරීක්ෂණ ධාරිතාවයේ සීමාන්තික සාධක මත තීරණය කිරීමට සිදු වූ අතරම ශ්‍රී ලංකාව තුල සිදු කරන පරීක්ෂණ ප්‍රමාණය පිළිබඳව මතුව ඇති විවේචනයටද එය හේතු වී ඇත.

එනයින් ප්‍රමාද වී හෝ ආරම්භ කරන ලද අහඹු පරීක්ෂණ ක්‍රියාවලිය විධිමත් හා සීඝ්‍රගාමී ක්‍රියාවලියක් ලෙස පවත්වා ගැනීම සඳහාත්, ඒ සඳහා වැයවන පිරිවැය අවම කිරීම සඳහාත්, පි සී ආර් පරීක්ෂණය මතම පමණක් පදනම් නොවෙමින් අනෙකුත් ජීව රසායන විද්‍යා පරීක්ෂණද භාවිතයට ගන්නා ලෙස ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිමු.

කෝවිඩ් 19 පී සී ආර් පරීක්ෂාව රොගීන් හඳුනාගැනීමට, ප්‍රතිකාර පාලනය කිරීමය, සහ තහවුරු කිරීමේ පරීක්ෂාවක් ලෙස වඩා පඵලදායී පරීක්ෂණ උපක්‍රමය වුවුද, දින හතක් හෝ ඊට වඩා වැඩි කාලයක් ගතවූවා යැයි උපකල්පනය කෙරෙන ප්‍රජාව තුල සිදුවන කොරෝනා අසාධනයන් අහඹු ලෙස සොයා ගැනීම සඳහා පී සී ආර් පරීක්ෂාවට වඩා සඵලදායී ජීව රසායන පරීක්ෂණ ලෝකයේ බොහෝ රටවල මේ වන විටත් භාවිතා වන බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙස ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිමු.

මේ පිළිබඳව තාක්ෂණික වශයෙන් වැඩිදුරටත් කරුණු දැක්වීම සඳහා කඩිනම් අවස්ථාවක්  ලබා දෙන ලෙසද කාරුණිකව ඉල්ලා සිටිමු.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435