කොවිඩ් – 19 : පාසල් විවෘත කළත් ආරක්ෂක ක්‍රම එලෙසම පවත්වා ගෙන යා යුතුයි

පාසල් විවෘත වීමත් සමග දරුවන් කොවිඩ් 19 ආසාදනයෙන් වළක්වා ගැනීමට පිළිපැදිය යුතු සෞඛ්‍යමත් පිළිවෙත් පිළිබද ශී‍්‍ර ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිළධාරින්ගේ සංගමය අවධාරණය කර ඇති බව නයනි විජේවික්‍රම මෙනවිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ලෝකය තුල මේ වන විටත් කොරෝකා ආසාදනය ව්‍යාප්ත වෙමින් තිබුණද ශී‍්‍ර ලංකාව එය සමාජය තුල පැතිරිමකට නොයා පාලනය කර ගැනීමට සමත්ව ඇතෙ. කොරෝනා ආසාදනය පැතිරීමත් සමග වසා දැමූ පාසල් ඉදිරි සතියේ සිට අදියර කීපයකට ආරමිභ කිරීමට තීරණය කොට ඇත.  කොරෝනා ආසාදනය තව දුරටත් ශී‍්‍ර ලංකාව තුල අඛණ්ඩව පාලනය කොට ගෙන යාමට නම් පාසල් පරිශ‍්‍ර තුලද මෙතෙක් අප විසින් අනුගමනය කරන ලද සෞඛ්‍යමත් පුරුදු පිළිපැදිය යුතු වේ.

දෙමව්පියන් තම දරුවන් කොරෝනා ආසාදනයෙන් බේරා ගැනීමට නම් මෙම සෞඛ්‍ය උපදෙස් අනුව මූලිකව අවශ්‍ය වන සෞඛ්‍යාරක්ෂිත උපකරණ සූදානම් කර ගත යුතු අතර සෞඛ්‍ය අංශ හා පාසල් මගින් ලබා දෙන සෞඛ්‍යමත් උපදෙස් පිළිපැදීමට තම දරුවන් දැනුවත් කිරිමද කළ යුතු බව ශ‍්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිළධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

ඒ අනුව පාසල් විවෘත වුවත් තම දරුවන්ට උණ, කැස්ස, උගුරේ වේදනාව හෝ ශ්වසන ආබාධ ඇත්නම් පාසලට එවීමෙන් වැළකී සිටීමට  දෙමව්පියන් වග බලා යුතු වෙයි.  එමෙන්ම දරුවන් පාසල් යාමට පිටත් වීමට පෙර නිවසින් පිට වන විටදීම මුව ආවරණයක් පැළදිය යුතු අතර අතිරේක මුව ආවරණ 02 ක් පාසල් බෑගය තුළ තැබිය යුතුය. පාසල් විවෘත වුවත් පාසල් ආපන ශාලා විවෘත කිරීමට අවසර දී නොමැති බැවින් හා දරුවන්ට එක් රොක් වී ආහාර ගැනීමට ඉඩ ප‍්‍රස්ථා නොමැති බැවින්ද තම දරුවාට කෑම පෙටිටියකට ආහාරද බීමට උණු කර නිවා ගත් ජලය බෝතලයකට දමා පාසලට එවිය යුතු වේ.  පාසල තුලදී ආහාර, ජලය,  පෑන්, පොත් ආදිය හුවමාරු කොට නොගන්නා ලෙසද නිතරම දෑත් සේදීම සිදු කිරීමට දරුවන් හුරු කිරීමෙන්ද පාසල් පරිශ‍්‍රය තුල කොරෝනා ආසාදනය පැතිරීම වළක්වා ගත හැකි  බවද එම සංගමය පෙන්වා දෙයි.

මෙයට සමගාමීව පාසල් මාර්ගෝපදේශයට අනුව නුවරඑළිය දිස්ති‍්‍රක්කය තුළද කලාප මටිටමින් කලාප අධ්‍යාපන පරිපාලනය ඇතුලු සියලුම විදුහල්පතිවරුන් කොවිඩ් 19 පාලනය සදහා පාසල් සකස් කර ගන්නා ආකාරය පිළිබදවත් පාසල් සෞඛ්‍ය ප‍්‍රවර්ධන කමිටු හරහා අදාල කි‍්‍රයාකාරකමි අඛණ්ඩව පවත්වා ගෙන යන ආකාරය පිළිබදවත් දැනුවත් කර ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435