කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් රජය විසින් ආරම්භ කරන ලද සමාජ ප්‍රතිලාභ වැඩසටහන යටතේ රු: 5000/= දීමනාවට සුදුස්සන් කවුරුන්ද ?

මෙම ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් එදිනෙදා ජීවනෝපා මාර්ගය අහිමිවීමෙන් අර්ථිකමය වශයෙන් පීඩාකාරී තත්ත්වයකට මුහුණදීම හේතු කොටගෙන සමස්ත ජනතාව විවිධ මට්ටම්වලින් අසරණභාවයට පත්ව ඇති බව කීම අතිශයෝක්තියක් නොවේ.

මෙසේ ජනතාව අසරණභාවයට පත්වීම කරණකොටගෙන ශ්‍රී ලංකා රජය විසින් වරින්වර නිකුත්කළ චක්‍රෙල්ඛණ මගින් ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට යම්කිසි දායකත්වයක් ලබාදීමට රු: 5000/=ක ප්‍රතිලාභ වැඩසටහනක් හඳුන්වාදී තිබිම සතුටට කරුණක් වුවද, එකී දීමනාව ගෙවීම සම්බන්ධයෙන් ජනතාව විවිධ මැසවිලි නගා ඇත්තේ ප්‍රාදේශීය හා ග්‍රාම නිලධාරි මට්ටමින් සිදුවී ඇති විෂමතා නිසාය.

එනම් මෙම දීමනාව ලැබිය යුතු අය වෙනුවට නුසුදුසු අයට ලබාදී ඇති බව සහ ලබාගෙන ඇති බවයි. එම නිසා මෙකී රු: 5000/= දීමනාව සුදුස්සන් තොරා ගැනීම චක්‍රලේඛණ වලට අනුව කවුරුන්ද ? යන්න විමසා මහජනතාව දැනුවත් කිරීම අපගේ සමාජ වගකීමක් කොට ගන්නෙමු.

ඒ සඳහා අග්‍රාමාත්‍ය ලේකම්තුමාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද චක්‍රෙල්ඛණ වල අඩංගු නියමයන් මොනවාද යන්න විමසා බැලීමේදී 2020. 03. 31 දින හා PTF/03/2020 දිනැති චක්‍රලේඛය මෙසේ සඳහන්ව තිබේ.

“කොරොනා වෛරසය නිසා එදිනෙදා ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධව සිටී  ජන කොටස්වල ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම උදෙසා මේ වන විට රජය විසින් හඳුන්වාදී ඇති සමාජ ප්‍රතිලාභ වැඩසටහන යටතේ වැඩිහිටි දීමනා, අබාධිත දීමනා, සමෘද්ධි දීමනා, රෝගාබාධ දීමනා (පිළිකා සහ වකුගුඩු) සඳහා පොරොත්තු ලේඛණගත කර ඇති ප්‍රතිලාභින් ග්‍රාමීය හෝ පළාත් පාලන කොට්ඨාශ මට්ටමින් පිහිටුවන කමිටුවක් විසින් නිරවුල්ව හඳුනා ගෙන එම සියලු දෙනා වෙත එකවර ගෙවන දීමනාවක් වශයෙන් රු: 5000ක දීමනාවක් ගෙවීමට රජය තීරණය කර ඇති බවයි.

එසේ පිහිටුවන ලද කමිටු සාමාජිකයින් වන්නේ;

  1. පළාත් පාලන කොට්ඨාශ නියෝජිත
  2. ග්‍රාම නිලධාරී
  3. කෘෂිකර්ම පර්යේෂණ නිලධාරි
  4. සමෘද්ධි සංවර්ධන නිලධාරි
  5. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි
  6. ආර්ථික සංවර්ධන නිලධාරි යන පිරිසයි.“

මෙම චක්‍රෙල්ඛණයේ සඳහන් සීමාවන් ඉක්මවා යමින් 2020. 04. 03 දින හා PTF/03/2020 (i) දරණ චක්‍රලේඛණය මගින් පුළුල් කරමින් සඳහන් කර ඇත්තේ, දැනටමත් ප්‍රතිලාභින් සිටින පවුල් ඒකක ද ඇතුළුව, කොරෝනා වෛරසය නිසා මේ වන විට රටේ උද්ගත වී ඇති ව්‍යවසනකාරී තත්ත්වය මත ඍජුව ජීවනෝපාය අහිමි වී ඇති සියළුම පවුල් ඒකකද, වක්‍රාකාරයෙන් ජීවනෝපාය අහිමි වී ඇති සියලුම පවුල් ඒකකද, එනම් අධිකරණ කටයුතු සිදුනොවීම මත උසාවි මගින් නඩත්තු ලබාගන්නා පවුල් සඳහාද මෙම රු: 5000 දීමනාව ලැබීමට සුදුසුකම් ලබන බවයි.

ඉහතින් චක්‍රලේඛ වලට නැවතත් අලුතින් කොටසක් එකතු කරමින් 2020. 04. 15 දින PTF/03/2020 (ii) ලේඛණය මගින් සඳහන් කර ඇත්තේ “රටතුළ අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම හේතු කොටගෙන එදිනෙදා ජීවනෝපායන්  මාර්ගයක් නොමැතිවීමෙන් අසරණභාවයට පත්ව ඇති බැවින්, මෙකී රු: 5000 දීමනාව කඩිනමින්, උපරිම විනිවිදභාවයකින් හා සාධිරණත්වයකින් සිදුකිරීමටත්, ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබන සියලු පවුල් ඒකක වෙත එම ප්‍රතිලාභ ලබාදීමටත් සුදුසුකම් නොලබන පවුල් ඒකකවලට එම ප්‍රතිලාභ ගෙවීම වැළැක්වීමටත් කටයුතු කළ යුතු බවයි.“ යනුවෙන් සඳහන් වේ.

නමුත් එකී තත්ත්වය සැලකිල්ලට නොගෙන ව්‍යාපාර හිමි, වාහන හිමිකරුවන් වැනි nusuදුසු පුද්ගලයින් මෙකී අසරණ තත්ත්වයට පත්වූවන්ට හිමි රු: 5000 දීමනාව කිසිඳු ප්‍රමිතියකින් තොරව, අකුමවත්ව ලබාගෙන ඇත බවද යන්න සොයා බලා හඩක් නෑගීම වෘත්තීය සමිති ව්‍යාපාර වල වගකීමකි.

තවද මෙහි වැඩිදුරටත් සඳහන්වී ඇත්තේ මෙම දීමනාව සුදුසුකම් නොලබන පවුල් ඒකක පොරොත්තු ලේඛණයට ඇතුළත් වී ඇති නම් ඔවුන් පොරොත්තු ලේඛණයෙන් ඉවත් කිරීමටත්, සැබෑ වශයෙන්ම ජීවනෝපාය අහිමි වී ඇති පවුල් ඒකක සඳහා ප්‍රමුඛතාවයක් ලබාදීමට කටයුතු කරන ලෙසයි.

තවද මෙම චක්‍රෙල්ඛණයේ අංක 03 යටතේ දක්වා ඇත්තේ පහත ක්ෂේත්‍ර නියෝජනය කරන පවුල් ඒකක ද ජීවනෝපාය අහිමි වූ කණ්ඩායම් ලෙස හඳුනාගත හැකි බවත්ය.

එනම්,

3.1 – ඉදිකිරීම් කර්මාන්තයට ගඩොල්, වැලි, ආදී අමුද්‍රව්‍ය සැපයීම මෙන්ම වඩු පෙදරේරු, ජලනල, විදුලි කාර්මික, පින්තාරු වැනි ක්ෂේත්‍රවල නියැළුණු පුද්ගලයන් හා එම කාර්යයන් සඳහා අත්උදව් සපයන ලද කුලීකරුවන් සඳහාත්,

3.2 කර්මාන්ත ක්ෂේත්‍රෙය් නිරතවන්නන් රසකැවිළි කර්මාන්තය, කොහු, පාපිසි, සමරු ඵලක, බතික් ලෝහ වැනි සුළු පරිමාණ කර්මාන්තයන්හි නිරතවූවන්ට,

3.3 රූපලාවන්‍ය ආයතන, උත්සව භාණ්ඩ, උපකරණ හා සේවා සපයන්නන්, ත්‍රීවීල් හා මෝටර් සයිකල් අලුත්වැඩියා කරන්නන්, ඇඳුම් මසන්නා, කොණ්ඩා කපන්නන්, තීරෝද රථ රියදුරු වැනි වෘත්තීන්වල යෙදෙන්නවුන්ට,

3.4 මාළු, එළවළු, පළතුරු වෙළඳාමේ යෙදීමට නොහැකි වූ පුද්ගලයින් ආගමික ස්ථාන ආශ්‍රීතව හා පෞද්ගිලක මට්ටමින් හා ඒ හා සමාන වෘත්තීන්වල යෙදෙමින් ජීවිකාව පවත්වා ගෙන යන්නන්,

  1. දැනටමත් මධ්‍යම රජයෙන් හෝ පළාත් සභා මගින් නිර්දේශ කර ඇති රෙ පාසැල් ගුරුවරුන්, පුද්ගලික බස් රියදුරන් හා කොන්දොස්තරවරුන් රජයේ සේවයේ නොයෙදෙන ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්, හස්ත කර්මාන්තකරුවන්, අත්යන්ත්‍ර පේෂ කර්මාන්තකරුවන්, උසාවි මගින් නඩත්තු දීමනා ලබන කාන්තාවන්, ආදායම් අහිමි කුඩා තේ වතු හිමියන් හා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් යන රැකියා කාණ්ඩවල පවුල් ඒකකද මෙම පොරොත්තු ලේඛණයට ඇතුළත් කරගත යුතු බව එහි සඳහන් වේ.
  2. සුදුසුකම් ලබන ප්‍රතිලාභීන් එක් අයෙකුට වඩා වැඩියෙන් එක් පවුල් ඒකකයක සිටින අවස්ථාවකදී එක් පවුල් ඒකකයකට එක්වරක් පමණක් ගෙවන දීමනාවක් සේ සලකා කටයුතු කළයුතු බවයි.

එපමණක් නොව චක්‍රෙල්ඛ අංක PTF/03/2020 (iv)   අනුව හා 2020. 04. 20 දින දරණ චක්‍රෙල්ඛය අනුව,

  1. අනු පවුල් සඳහා ප්‍රතිලාභ ගෙවීම
  2. විදේශ රැකියා සඳහා විදේශතගවූ පුද්ගලයින් සිටින පවුල් සඳහා ගෙවීම
  3. ඇඟලුම් ඇතුළු විවිධ පෞද්ගලික අංශයේ රැකියාවේ නියතු පුද්ගලයින් සිටින පවුල් ඒකක සඳහා ගෙවීම්
  4. විශ්‍රාම වැටුප රු: 5000ට වඩා අඩු මුදලක් ලැබූ අය
  5. වැවිලි ක්ෂේත්‍රෙය් රැකියාවල නියතු පුද්ගලයින් සිටින පවුල්
  6. මේ වන තෙක් රු: 5000 දීමනාව නොලැබූ පවුල් ඒකක වේනම්, ඔවුන්ගේ අභියායචනයක් ලබාගෙන ප්‍රතිලාභ ගෙවීමට සළකා බැලිය හැකිය., යනුවෙන් ඉහත චක්‍රෙල්ඛණයේ ප්‍රතිපාදන සීමාව පුළුල් කර ඇත.

තවදුරටත් චක්‍රෙල්ඛණ අංක PTF/03/2020 (iii) හා 2020. 04. 17 දින අනුව මීට පෙර නිකුත් කර ඇති චක්‍රෙල්ඛවලට වැඩිදුර පැහැදිලි කිරීමක් එකතු කොට දක්වා ඇත්තේ;

එහි 2 ඡේදය අනුව පවතින තත්ත්වය හේතුවෙන් ජීවනෝපාය අහිමිවීම යටතේ සුදුස්සන් තේරීමේදී පෙර චක්‍රෙල්ඛණය යටතේ සමෘද්ධි දීමනා ලැබීමට සුදුසුකම් ලබන පවුල් ඒකක වේනම් එම පවුල් මෙම රු: 5000 දීමනාවට සුදුසුකම් නොලබන බවයි.

තවද වැඩිහිටි, සියවස් පූර්ණ වැඩිහිටි, ආබාධිත හා වකුගුඩු යන දීමනාවලට සුදුසුකම් ලබන පුද්ලයින් සිටින පවුල් ඒකකයක් වුවද, පවතින තත්ත්වය මත සැබෑ වශයෙන්ම ජිවනෝපාය අහිමි වී ඇති බවට ග්‍රාමීය කමිටුව නිර්දේශ කරන්නේ නම්, එම පවුල් ඒකකයද, ජීවනෝපාය අහිමිවීම මත ලබාදෙන රු: 5000ක දීමනාව ලබාගැනීමට සුදුසුකම් ලබන බවයි.

කොසේ වූවද, මුළු මහත් ලෝකය තුළම උද්ගතවී ඇති මෙකී ව්‍යසනකාරී, තීරණාත්මක කාලය තුළ මහජනයාට හිමිවිය යුතු ප්‍රතිලාභ නියමාකාරයෙන් හිමිවන්නේ ද යන්න විපරම් කර බැලීම වෘත්තීය සමිති නායකයින්ගේ, සාමාජිකයින්ගේ හා සමාජ ක්‍රියාකකරයින්ගේ වගකීමක් බවත් ඒ ගැන විෂමාචාරයන් සිදුවන්නේ නම් අදාළ බලධාරින් හට හඩක් නැගීම යුක්ත යුක්ත වන්නේය.

 

නීතිඥ ලිලන්ත කුමාරි

            නීතිඥ ලිලන්ත කුමාරි

 

 

 

 

 

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435