කොළඹට කිරි අපට කැකිරි – හලාවත ධීවරයෝ

හලාවත සිට තුඩුවාව දක්වා දිවෙන වෙරළ මාර්ගය පිළිසකර කර දෙන මෙන් ඉල්ලා ප්‍රදේශවාසීහු වීදි බසිති.

මාර්ග සංවර්ධනය කිරීමේදී, පැවති ආණ්ඩුව සහ වත්මන් ආණ්ඩුව ධීවර ජනතාව වෙසෙන ප්‍රදේශවලට අඩු සැලකිල්ලක් දක්වන බවටයි වීදි බට ජනතාව චෝදනා කරන්නේ.

විරෝධතාව සඳහා හලාවත සිට තුදුවාව දක්වා පිහිටි ගම්මාන දහයක වෙසෙන පන්දහසකට ආසන්න පිරිසක් එක් වී සිටියහ.

ඉන් බහුතරයක් ධීවර කර්මාන්තයේ නිරත වන්නෝ වෙති.

‘කොළඹට කිරි අපට කැකිරි, ධීවර ජනතාව නිසා අපට කාපට් අකැපද?’ යනුවෙන් සටහන් කළ පුවරු රැගත් උද්ඝෝෂකයෝ විරෝධතාව දියත් කළේ කිලෝමීටර දහයක පමණ මාර්ගයේ ස්ථාන රැසක් අවහිර කරමින්.

උද්ඝෝෂණය හේතුවෙන් පැය පහකට අසන්න කාලයක් ගමනාගමන කටයුතු වලට බාධා සිදු විණි.

ස්ථාන කීපයකින් අවහිර කර තිබූ මාර්ගයේ ස්ථාන රැසකම ගස් සිටුවා තිබිණි.

උද්ඝෝෂකයන්ගෙන් ඇතමෙක් සිය විරෝධය පළ කිරීම සඳහා ප්‍රධාන මාර්ගයේ ඇති වලවල් වල මසුන් ඇල්ලීමේ නිරත වූ අතර තවත් පිරිසක් පාර හරස් කරමින් ඒ මත වැතිරී සිටියහ.

‘දුප්පත් ජනතාවගේ වටිනා මනාපෙනේ මන්ත්‍රිගොල්ලන්ට දෙන්නේ. ඒක අරගෙන හැංගේන්නේ නැතුව අපට මේ පාර හදලා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා’ උද්ඝෝෂණයට එක් වූ කාන්තාවක් පැවසුවාය.

මූලාශ්‍රය – BBC

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435