කොළඹ දුම්රිය ස්ථානයේදී මගීන්ට නොමිලේ වෛද්‍ය සායනයක්

හදවත හා සම්බන්ධ රෝග නිසා දිනකට 100 දෙනෙක් ශ්‍රී ලංකාවේ මිය යති. ඊට ප්‍රධාන හේතුව අධි රුධිර පීඩනයයි. ජනගහනයෙන් බොහෝ දෙනෙක් තමන්ට රුධිර පීඩනය තිබෙන බවවත් නොදනිති.

දුම්රිය මගීන්ට රුධිර පීඩනය මැනගෙන අවශ්‍ය උපදෙස් ලබා ගැනීමේ සායනයක් සම්පූර්ණයෙන් නොමිලේ සැපයෙන සේවා සමග සෞඛ්‍ය අමාත්‍යාංශය සංවිධාන කරයි.

2020 සැප් 28, 29 හා 30 දින තුනේදී  දිනපතා  පෙරවරු 09.00 සිට සවස 04.00 දක්වා කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රධාන පිවිසුම අසලදී පැවැත්වේ.

ලෝක හදවත් දිනය වෙනුවෙන් සංවිධාන කරන මෙම විශේෂ සායනයට පැමිණ රුධිර පීඩනය මැනගෙන අවශ්‍ය උපදෙස් මෙන්ම ඖෂධ අවශ්‍ය නම් ඒවා ලබාදීමට මැදිහත් වීමද සිදු කෙරෙනු ඇත .

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435