කොළඹ නගරයට හිරවූ පිරිස් වතුකරයට පැමිණීමේදී විමසිල්ලෙන් සිටිනවා

කොරෝනා වසංගත තත්වය ක‍්‍රමයෙන් පාලනය වීමත් සමග රුකියාව සදහා කොලඔ නගරය වෙත ගොස් සිටි විශාල පිරිසක් මේ වන විට නුවරඑළිය දිස්ති‍්‍රක්කයට කොටස් වශයෙන් පැමිණෙමින් සිටීග මේ වන තෙක් නුවරඑළිය දිස්ති‍්‍රක්කය තුලින් එකදු රෝගියකුවත් වාර්ථා වී නොමැතෙ.

ශී‍්‍ර ලංකාවේ වැඩිම වතු ජනතාවක් ජීවත් වන දිස්ත‍්‍රික්කය වන මෙහි 54.5%  පමණ දමිළ බස කථා කරන වතු ජනතාව වැඩි වශයෙන් ජීවත් වනුයේ වතු ආශි‍්‍රත පේලි ගෙවල්වල වේ. මෙම තත්වය යටතේ එක් අයකු රෝගයට ගොදරු වුවහොත් කෙටි කාලයක් තුල වැඩි සංඛ්‍යාවකට පැතිරිමේ අවදානමක් පවතීග තවද නීරෝධායන කටයුතු සදහා පහසුකමි සැපයිය හැකි පොදු ස්ථානද අවම මටිටමක පවතින බැවින් මෙම තත්වය තවදුරටත්  ගැටලු සහගත විය හැකෙ.

මෙම තත්ත්ව සියල්ල සැලකිල්ලට ගෙන යම් යම් දුෂ්තරතා මධ්‍යයේ වුවද දිස්ත‍්‍රික්කය තුලට පැමිණෙන සියලු දෙනාම දින 14 ක් නිවස තුලම නිරෝධායනය කිරීමටත් ඔවුන් නීරෝධායනය කිරීමේදි අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේද පිළිබද වතු නිළධාරීන් දැනුවත් කිරිම සිදු කල බවත් එම සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේද අනුව කි‍්‍රයා කිරීම ඉතා වැදගත් වන බව  ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිළධාරීන්ගේ සංගමයේ සභාපති නයනී විජේවික‍්‍රම මෙනවිය පවසා සිටී.

ඒ අනුව නිරෝධායනය වන දින 14 තුල අදාල පුද්ගලයා නිවස තුලම රුදී සිටිය යුතු අතර පිටින් අය මෙම නිවසට නොපැමිණීමටත් වග බලා ගත යුතු වෙයි. මෙම කාලය තුල වෙනම කාමරයක හෝ ස්ථානයක අන් අයගෙන් මීටර් 01 ක දුර පවත්වා ගෙන සිටිය යුතු අතර ඔහු සදහා ඇදුම් පිගන්, කෝප්ප වැනි උපකරණ වෙන් කොට තබා ගෙන සබන් යොදා හොදින් පිරිසිදු කර ගැනිමද කළ යුතු වේ. කොරෝනා රෝගය වැළැක්විම සදහා වූ මූලික සෞඛ්‍යමත් චර්යාවන් වන නිතරම සබන් යොදා තත්පර 20 ක් දෑත් හොදින් සේදීම, නිතර මුහුණ, කට, නාසය ඇල්ලීමෙන් වැළකීම, කැස්සකදි හෝ කිවිසුමකදී ටිෂූ භාවිතා කිරිම මෙන්ම භාවිතා කළ ටිෂූ පියන සහිත බදුනකට දමා පසුව පුලුස්සා දැමිමද රෝගයෙන් බේරී සිටීමට ඉතා වැදගත් වේ.

නීරෝධායන කාලය තුලදී උණල කැස්සල උගුරේ වේදනාව, සෙමිප‍්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පහල වුවහොත් වහාම දුරකථනයෙන් ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි, මහජන සෞඛ්‍ය පරීක්ෂක හෝ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරි වෙත ඒ බව දන්වා ඔවුන් ලබා දෙන උපදෙස් අනුව කි‍්‍රයා කිරිමද අනිවාර්ය වේ.

වැඩි දුරටත් අදහස් දක්වමින් ශී‍්‍ර ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිළධාරීන්ගේ සංගමයේ සභාපති නයනී විජේවික‍්‍රම මෙනවිය පවසා සිටියේ මෙලෙස සෞඛ්‍යමත් චර්යාවන්ට අනුගත වෙමින් සාර්ථකව නීරෝධායනය වීමෙන් තමන් මෙන්ම තම පවුලේල අසල්වාසින් හා මුලු රටම කොරෝනා වසංගතයෙන් බේරා ගන්නා බවයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435