කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ වර්ජනය අවසන්

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් විසින් ආරම්භ කළ වර්ජනය අද පැවති සාකච්ඡාවකින් අනතුරුව නිමා කළ බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසයි.

මෙතුවක් කාලයක් කොළඹ දිස්ත්‍රීක්කයේ තැපැල් ඡන්ද පත්‍රිකා ඇසුරුම් හා බෙදාහැරීම් ආදී සියලු කටතු සිදුකෙරුණේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී බවත්, මෙවර එම කටයුතු තැපැල් පරිපාලනය විසින් තමන් අභිමතය පරිදි කොළඹ දිස්ත්‍රීක් ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ පැවැත්වීමට තීරණය කර තිබුණු බවත් ඔහු සිහිපත් කළේය.

මේ හේතුවෙන් පැන නඟින ගැටළු රාශියක් නිසා තැපැල් පරිපාලනයේ අත්තනෝමතික ක්‍රියා මාර්ගයට එරෙහිව වෘත්තීය ක්‍රියා මාර්ගයක් ගනු ලැබූ නමුත් අද පෙරවරුවේ විෂය භාර අමාත්‍යවරයා විසින් මෙම කාර්යය නිවරදි කරන ලෙස තැපැල්පතිවරයාට නියෝග කොට එම කටයුතු නැවතත් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට පැවරීමට ක්‍රියා කිරීම නිසා වර්ජනය අත්හළ බව චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.

තැපැල් සේවකයින් මෙතුවක් කාලයක් කරන ලද කටයුතු ඔවුන්ගෙන් ඉවත් කිරීමත්, එම කටයුතු සිදුකිරීම හරහා සේවකයින් ලැබූ ප්‍රතිලාභ අහිමිවීමත් පමණක් නොව මෙම කටයුතු සිදුකිරීමේදී මධ්‍යම තැපැල් හුවමාරුවේ මෙහෙයවීමට පැවති හසුකම් කොළඹ දිස්ත්‍රීක් කාර්යාලයේ ස්ථාපිත කෙරෙන තාවකාලික තැපැල් කාර්යාලයේ නොමැතිවීම නිසාත්, වඩාත් පහසු හා නිවරදි ක්‍රමය කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු ක්‍රමය තුළම ක්‍රියාත්මක කිරීම නිසාත්, පරිපාලනය විසින් ගනු ලැබූ අත්තනෝමතික ක්‍රියා මාර්ගය අත්හිටුවන ලෙස ඉල්ලා විරෝධය පළ කළ බව ඔහු කියා සිටියේය.

කෙසේ නමුත් තැපැල්පතිවරයා විසින් අද දහවල් නිවේදනයක් නිකුත් කරමින් තැපැල් සේවකයින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරනු ලැබුවේ ප්‍රමාණය ඉක්මවා අතිකාල දීමනා ලබා ගැනීමට බවත්, එකී දීමනා සියලු සේවකයින් අතර බෙදීයාමට විරෝධය දක්වමින් බවත් කියා සිටි අතර ‘වැඩබිම‘ කළ විමසීමේදී චින්තක බණ්ඩාර මහතා අවධාරණය කරනු ලැබුවේ එම ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නොමැති බව හා එකී ප්‍රකාශය පිළිබඳ අතිශයින් කනගාටුව පළකරන බවය.

කෙසේ වෙතත් විෂයභාර අමාත්‍යවරයා මෙන්ම තැපැල්පතිවරයාද මෙම ගැටළුව නිවරදි කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් තම ස්තූතිය පළකරන බව චින්තක බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435