කොළඹ මාවත් 3ක් දින කිහිපයක් පුරා වසා දමයි

ජල නල එලමින් අලුත් වැඩියා කටයුත්තක් සිදු කිරිම සඳහා දෙමටගොඩ සහ බොරැල්ල පොලිස් වසමට අයත් සිරිධමිම මාවත, ආනන්ද රාජකරුණා මාවත සහ ජේ.ඩි. ප්‍රනාන්දු මාවත අතර දක්වා මාර්ගයන් සම්පූර්ණයෙන් වසා තැබීමට අවසර ලබා දෙන ලෙස ජාතික ජල සම්පාදන මණ්ඩලය ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව ඉහත සඳහන් මාර්ගයන් ඊයේ (16) රාත්‍රී 10 සිට ලබන සදුදා (19) උදෑසන 05.00 දක්වා වසා තැබිමට නියමිතය. එසේම ලබන සිකුරාදා (23) රාත්‍රී 10 සිට 26 වන දින උදෑසන 05.00 දක්වාත් කාලය තුළ සම්පූර්ණයෙන් මාර්ගය වසා දැමීමටත් අවසර ඉල්ලා තිබේ.

ඒ අනුව ඉහත කාළ සීමාල තුළ අදාල මාර්ගයේ ගමන් ගන්නා මහජනතාව සහ රියදුරන් සඳහා භාවිත කිරීමට විකල්ප මාර්ගද යොදා ඇති බවද සඳහන් වේ.

දෙමටගොඩ සිට මරදාන දෙසට ධාවනය වන වාහන දෙමටගොඩ මාර්ගය ඔස්සේ මරදාන දෙසටත්, මරදාන දෙස සිට පුංචි බොරැල්ල දෙසට ධාවනය වන වාහන බේස්ලයින් මාර්ගය ඔස්සේ  බන්ධනාගාර හංදියෙන් ආනන්ද රාජකරුණා මාවතට ගමන් කළ හැකි බවත් නිවේදනය කර ඇත.

මෙම මාර්ගයේ  ධාවනය වන අංක 166 සහ අංක 193  බස් රථ දෙමටගොඩ හංදියෙන් බොරැල්ල දෙසට ධාවනය කර  බන්ධනාගාර හන්දියෙන් ආනන්ද රාජකරුණා මාවතින් පුංචි බොරැල්ල දෙසට ධාවනය කළ හැකිය.

මූලාශ්‍රය – අද දෙරණ

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435