කෝටියක රන් බිස්කට් තොගයක් කටුනායකදී රේගුවේ සිරවෙයි

නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට රන්  බිස්කට් ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (17) උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට පත්වූ පුද්ගලයා 36 හැවිරිදි වියේ පසුවන කොළඹ, මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.

ඔහු සතුව තිබී රුපියල් එක් කෝටි විසි අට ලක්ෂ හැත්තෑ හතර දහස් අටසිය හතලිස් අටක් වටිනා රත්තරන් බිස්කට් තොගයක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මෙලෙස සොයාගෙන ඇත.

ඔහු ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 121 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබු අතර සිය පාවහන් යුගලේ කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 400 ක් බර, රත්තරන් බිස්කට් 12 ක් සගවාගෙන ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ඇති රේගු පරිශ්‍රය ඔස්සේ ඇවිද යමින් සිටියදීයි රේගු නිලධාරීන් විසින් අත් අඩගුවට ගෙන ඇත්තේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435