ගමන් මල්ලක් කළ හඳියක් – ඩුබායි සිට ආ ලාංකිකයාට වෙච්චි දෙයක්

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියකු අද (6) අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ සේවය කළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මොහු මහනුවර, ගලගෙදර ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි .

ඔහු අද (6) අලුයම 12.50 ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 0557 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණි.

ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලුවල රුපියල් 15,76,000 ක් වටිනා,විදේශීය නිෂ්පාදිත දුම්වැටි 31,200 ක් අඩංගු දුම්වැටි කාටූන් 156 ක් සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

එහිදී මෙම දුම්වැටි තොගය රාජසන්තක කර , මෙම ගුවන් මගීයාට රුපියල් 50,000 ක දඩයක් ගෙවන ලෙසද නියෝග කළේය.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435