ගරු-විදුහල්පතිවරුන් මැතිවරණ රාජකාරි වලට වාර්තා කිරීම පසුබෑමක

පාර්ලිමේන්තු මැතිවරණයෙහි රාජකාරි කටයුතු සඳහා කැඳවා ඇති රජයේ නිලධාරීන්ගෙන් බහුතරයක් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් වන අතර මේ වන විට ඔවුන් රාජකාරි සඳහා වාර්තා කිරීමේ සැලකිය යුතු පසුබෑමක් නිර්මාණය වෙමින් ඇති බව ලංකා ගුරු සේවා සංගමය විසින් මැතිවරණ කොමිසන් සභාව වෙත ලිපියක් යවමින් කියා සිටී.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

අගෝස්තු 05 වැනි දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයෙහි රාජකාරි කටයුතු සඳහා කැඳවා ඇති රජයේ නිලධාරීන්ගේ සාතිශය බහුතරයක් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් වන අතර මේ වන විට ඔවුන් රාජකාරි සඳහා වාර්තා කිරීමේ සැලකිය යුතු පසුබෑමක් නිර්මාණය වෙමින් ඇති බව අප සංගමය වෙත වාර්තා වෙන බැවින් ඒ සම්බන්ධ්‍ව ඔබේ කඩිනම් අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.

02. මෙ වන විට රට තුළ කොවිඩ්-19 වසංගත තත්වය යම් මට්ටමකට මැඩ පවත්වා ඇතත් රණ්ඩුවේ විවිධ්‍ ක්‍රියාමාර්ග හේතුවෙන් නැවත නිර්මාණය වී ඇති අනාර්ෂිත තත්වය මීට හේතුවී ඇති අතර ඔවුන්ගේ ආරක්ෂාව සහති කිරීම සඳහා නිරෝධායන නීති රීති හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මාර්ගෝපදේශයන් අනුව මැතිවරණ කොමිසම මේ වන විට පූර්ව ක්‍රියාමාර්ග ගෙන ඇතත් එය අදාල නිලධාරීන්ගේ අවිශ්වාසය හා සැකය දුරු කිරීමට මේතෙක් සමත්ව නොමැති හෙයින් ඒ සඳහා ඩිනම් මැදිහත්වීමක අවශ්‍යතාවය අවධාරණය කරමු.

03. විශේෂයෙන් වසංගත තත්ත්වය හමුවේ පැවැත්වෙන මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මාර්ගෝදේශයන් විධිමත්ව ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය නෛතික පසුබිම සැකසීම සඳහා අදාල නීතිරීති ගැසට් මගින් ප්‍රකාශයට පත් නොකොට සිදුකළ මගහැරීම් මෙන්ම ගැසට් කළ පසුවත් විශේෂයෙන් මහජන පරීක්ෂකවරුන් තමන් වෙත නිසි පරිදි බලතල නොපැවරවීම සම්බන්ධ්‍ව වෘත්තීය ක්‍රියාමාර් වලට එළඹීමත් මැතිවරණ ප්‍රචාරක කටයුතු වල දී විශේෂයෙන් ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන අදුරදර්ශි ප්‍රතිපත්ති හා එහිදී ඇති වූ යම් යම් සිද්ධීන් තුළ ඔවුන් මෙම අවිශ්වාසය ගොඩනගා ගැනීමට හේතුව ලෙස සඳහන් කරති.

04. එමෙන්ම මෙවර මැතිවරණ රාජකාරි සඳහා නිලධාරීන් පුහුණු කිරීමේදී විශේෂයන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ මාර්ගෝපදේශයන් සම්බන්ධව ප්‍රමාණවත් දැනුවත් කිරීම් ඔබ ආයතනය විසින් සිදු කළ ද සේවයට වාර්තා නොකර මගහැර සිටින නිලධාරීන් දැනුවත් කිරීම සම්බන්ධව විධිමත් වැඩපිළිවෙලක් මේතෙක් නොවීමත් යම් සිද්ධියක් සිදු වුවහොත් ඊට ව කිව යුත්තෙක් නොවීමත් මෙවැනි තත්ත්වයක් නිර්මාණය වීමට හේතු වී ඇති බව අපගේ විශ්වාසයි.

එහෙයින් ඉදිරි දින කීපය මේ සම්බන්ධව තීරණාත්මක දින කීපයක් වන බව දැඩිව අවධාරණය කරන ලංකා ගුරු සේවා සංගමය යම් යම් එක් සිදුවීමක් මෙම තත්ත්වය සම්පූර්ණයෙන් උඩුයටිකුරු කළ හැකි බැවින් ඒ පිළිබඳව දැඩි අවධානය යොමුකර විශේෂයෙන් මැතිවරණ රාජකාරි වල නිරත නිලධාරීන්ගේ විශ්වාසය තහවුරු කිරීමට අදාල වන කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස අප සංගමය වගකීමෙන් යුතුව ඉල්ලා සිටිමු.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435