ගුරු – විදුහල්පතිවරුන් හෙට උද්ඝෝෂණයේ

ගුරු හා විදුහල්පති සේවාවන් සංවෘත සේවාවක් බවට පත් කරන ලෙසත්, වැටුප් විෂමතා ඉවත් කර වැටුප් සකසන තෙක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ගෙවීමට පෙලාරොන්දු වූ අතුරු වැටුප් චක්‍රලේඛණය නිකුත් කිරීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන හෙට (14 ) කොළඹ දී පවත්වන උද්ඝේෂණය අනිවාර්යෙන්ම බව අද පැවැති මාධ්‍ය හමුවේදී ගුරු-විදුහල්පති වෘත්තීය සමිති නායකයෝ පැවසූහ.

රජය මෙම ඉල්ලීම් ලබාදීමට පොරොන්දු වූ බව හා ඒවා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පවා  ලබාදීමට එකඟවූ ඒවා බවත්, එම ඉල්ලීම් ඉටුකිරීමට රජය මෙතෙක් කටයුතු නොකිරීම මත මෙම තත්ත්වය මතුව ඇති බවත්, මෙම ගැටළු වලට විසඳුම් ලබා නොදුනහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වන වෘත්තීය සමිති නායකයෝ අවධාරණය කරන ලදී.

මෙම මාධ්‍ය හමුව සඳහා සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ පූජ්‍ය ගල්වල පඤඤාසේකර හිමි, ලංකා පිරිවෙන් ගරු සේවා සංගමයේ පූජ්‍ය වක්වැල්ලේ විජිත හිමි, ලංකා ගුරු සංගමයේ, ජෝෂප් ස්ටාලින්, ලංකා ගුරු සේවා සංගමයේ මහින්ද ජයසිංහ, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ පරාක්‍රම වීරසිංහ ඇතුළු වෘත්තීය සමිති නායකයෝ පිරිසක් අදහස් දක්වන ලදි.

 

 

 

 

 

 

 

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435