ගල්ෆ් රටක් නැවතත් විදේශිකයින්ගේ රැකියා සඳහා තහංචි දමයි

ඕමාන්කරණය යටතේ ඕමාන් ජනතාවට සිය වෙළෙඳපොළ තුළ වැඩි රැකියා අවස්ථා ලබා දීමේ අරමුණින් ඇතැම් ක්ෂේත්‍රවල රැකියා සඳහා විදේශිකයින් බඳවා ගැනීම තාවකාලිකව තනම්කර තිබූ අතර එම කාල සීමාව තවත් දීර්ඝ කිරීමට ඕමාන් රජය පසුගියදා තීරණය කර තිබේ.

ඒ අනුව විකුණුම්, අලෙවිකරණය හා මිලදී ගැනීම් නියෝජිතයන් යන රැකියා අවස්ථා සඳහා පනවා තිබු තහනම මෙලෙස තවත් මාස 06ක් දීර්ඝකර ඇති අතර එය මැයි මස 31 සිට ක්‍රියාත්මකවෙන බවත් නිවේදනය කර තිබේ.

ඕමාන් මිනිස්බල අමාත්‍යාංශයේ අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් නසර් අල් බක්රි විසින් නිවේදනයක්ද නිකුත්කොට පෙනවා දී ඇත්තේ ඉදිරි මාස 06ක් ඇතුළත අංශ කිහිපයක රැකියා සඳහා විදේශිකයින් බඳවා ගැනීම තාවකාලිකව නවතා දමන බවයි.

එම තහනම ඉහත සඳහන් වෘත්තීයන්ට අදාළවන බවත් එහි සඳහන්.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435