
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ජෙබෙල් නගරයේ පිහිටි ප්ලාස්ටික් ප්රතිචක්රීයකරණ කර්මාන්තශාලාවකට අයත් ගබඩාවක පසුගියදා විශාල ගින්නක් හටගත් බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
ප්ලාස්ටික් වර්ග ගිනි ගැනීමට ලක්වෙන සුළු බැවින් ගින්න ඉතාමත් ඉක්මනින් පැතිරීගොස් තිබෙන අතර එය පාලනය කිරීමට ඩුබායි සිවිල් ආරක්ෂක අධිකාරියට අයත් ගිනිනිවන භටයන්ට විශාල පරිශ්රමයක්න් දැරීමට සිදුවූ බවත් සඳහන්.
එමෙන්ම ගබඩාව ගිනි ගන්නා ආකාර දැක්වෙන විඩියෝ ඩුබායි මාධ්‍ය කාර්යාලය සහ සිවිල් ආරක්ෂණ අධිකාරිය මාධ්‍යයට නිකුත් කිරීමත් සමඟ වැඩි දෙනෙකුගේ අවධානය ඒවෙත යොමුවී ඇත.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධියබ් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භකර තිබේ.
වැඩබිම