ගිවිසුම් ප්‍රශ්නයක් නිසා ගෘහ සේවිකාවන්ට ඩුබායි යන්න බැරි වේවි

10 ජුලි  2014 – wedabima.lk

 

ගෘහ සේවාව සඳහා මෙරටින් ඩුබායි යන ගෘහ සේවිකාවන්ට අදාළ සේවා ගිවිසුම් එරටදී අස්සන් කළ යුතු බවට ඩුබායි රජය නිකුත් කර ඇති නීතියට විරෝධය පළ කරමින් මේ මස සිට ඩුබායි රටේ ගෘහ සේවයට ශ්‍රමිකයන් යැවීම නතර කළ බව ඇල්ෆියා සංවිධානයේ සභාපති එම්. ෆයිසර් මකීම් මහතා ප්‍රකාශ කරයි.

 

ගෘහ සේවය සඳහා මෙරටින් යැවෙන ශ්‍රමිකයන්ට අදාළ සේවාව පිළිබඳව ගිවිසුම් මෙරටදී අස්සන් කර රැකියාවට යවන බව සඳහන් කළ සභාපතිවරයා මේ වන විට ඩුබායි රාජ්‍යය විසින් එම ක්‍රියාවට පටහැනි ලෙස ශ්‍රමිකයා එම රටට ගිය පසුව සේවා ගිවිසුම් අස්සන් කිරීමට පියවර ගෙන තිබෙන බව ‘මව්බිම’ට පැවසීය.

 

එමඟින් වෙනත් රටවලට ශ්‍රමිකයන් යැවීමේ මිනිස් ජාවාරමක් සිදුවිය හැකි බැවින් ඒ කෙරේ බලවත් විරෝධය පළ කරන සංගමය වැඩිදුරටත් අවධාරණය කළේ එම රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර මෙරට නීතිය පිළිපැදිය යුතු බවයි.

 

එබැවින් ඒ කෙරේ අවධානය යොමු කර ඊට නිවැරැදි පිළියමක් යෙදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය වහාම කටයුතු කළ යුතු බවද සභාපතිවරයා අවධාරණය කෙළේය.

 

මේ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය සම්බන්ධීකාරක මංගල රන්දෙණිය මහතාව සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද නොහැකි විය.

 

මුලාශ්‍රය – මව්බිම 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435