ගුරුවරුන් විසින් සිසුන්ට පමුණුවන දඬුවම් සම්බන්ධයෙන් ක‍්‍රමවේදයක් අවශ්‍යයි – ලංකා ගුරු සංගමය

19 මැයි 2014-wedabima.lk

ගුරුවරුන් විසින් සිසුන්ට පමුණුවන දඬුවම් සම්බන්ධයෙන් විනය කි‍්‍රයාමාර්ග ගත හැකි වන පරිදි දැනට ඇති  ඇතැම් චක‍්‍රලේඛන සංශෝධනය කළ යුතු බව ලංකා ගුරු සංගමය පවසයි.
එම සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පැවසුවේ දැනට පවතින චක‍්‍රලේඛන සම්බන්ධයෙන් පවා ගුරුවරුන්ට ඇති දැනුම ඉතා අල්ප බවයි.
මෙවැනි වැඩසටහන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් සංවිධාන කළ යුතු බවත් ශිෂ්‍ය උපදේශනය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ඇති අවධානය ද ප‍්‍රමාණවත් නැති බවත් ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.
ඇතැම් ගුරුවරුන් විසින් සිසුන්ට ලබාදුන් හිංසාකාරී දඩුවම් සම්බන්ධයෙන් ප‍්‍රවෘත්ති කිහිපයක්ම පසුගිය දිනවල වාර්තා විය.
උපුටා ගැනීම: lanka views වෙබ් අඩවිය
Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435