ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන්,උසස් ජාතික ගණකාධිකරණ/වාණිජ ඩිප්ලෝමාධාරීන්ගෙන් අයඳුම්පත් කැඳවයි

ගුරු සේවයේ විෂයන් රැසක පවතින පුරප්පාඩු සඳහා උපාධිධාරීන් හා උසස් ජාතික ගණකාධිකරණ / වාණිජ ඩිප්ලෝමාධාරීන් බඳවා ගැනීම සඳහා අයඳුම්පත් කැඳවා තිබේ. මෙලෙස අයඳුම්පත් කැඳවා ඇත්තේ ඌව පළාත් සභාවේ සිංහල මාධ්‍ය පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහායි.

මේ සඳහා ඌව පළාතේ ස්ථීර පදිංචි අයඳුම්කරුවන්ට අයඳුම්පත් ඉදිරිපත්කළ හැකි අතර අයඳුම්පත් භාරගන්නා අවසාන දිනය 2018.11.30 වෙනිදායි. ඒ සඳහා වන තරඟ විභාගය 2019 වර්ෂයේ මාර්තු මාසයේ පැවැත්වීමටද කටයුතු සූදානම් කර තිබේ.

පහතින් දැක්වෙන සම්පූර්ණ විස්තර ඇතුළත් පත්‍රිකාව කියවා බලා සුදුසුකම් ඇති උපාධිධාරීන් හා උසස් ජාතික ගණකාධිකරණ / වාණිජ ඩිප්ලෝමාධාරී ඔබ ඔබේ අයඳුම්පත 2018.11.30 දිනට හෝ ඊට පෙර ” ලේකම්, ඌව පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අංක 14/4, පිලිපොතගම පාර, පිංආරාව, බදුල්ල. යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් පමණක් යොමුකරන්න.

සම්පූර්ණ විස්තරය අඩංගු විස්තර පත්‍රිකාවට මෙතනින් පිවිසෙන්න..

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435