ගුරු වැටුප් විෂමතාවත් ඉදිරියේ දී අපි විසඳනවා

විපක්ෂයේ අවුරුදු දහයකටත් වැඩි කාලයක් අධ්‍යාපනය සම්බන්ධයෙන් හඩනැගූ අයෙක් වශයෙන් තමා අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයා ලෙස පත්වන විටම අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැවති බොහෝ ගැටළු හඳුනා ගෙන සිටි බවත්, ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප සියයට 106කින් වැඩි කළා සේ ම, මුදල් අමාත්‍යාංශයේ ද සහාය ලබාගනිමින් ගුරු වැටුප් විෂමතාව ද ඉදිරියේ දී විසඳීමට කටයුතු කරන බව ද, අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසී ය.

මෙහි දී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා, “මම පසුගිය දා පුවත්පත්වලට නිකුත් කළා ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට වැටුප් වැඩි කර ඇති ආකාරය ගැන. අපි සියයට  106කින්  ගුරු වැටුප් වැඩිකරල තියෙනවා. පළමු ශ්‍රේණියේ ගුරුවරයෙකුගේ මූලික වැටුප තිබුණෙ රු21,750/යි.  දැන් ජ්‍යේෂ්ඨත්වය අනුව දීමනා සහිත ව, රුපියල් 81,950/- ක් දක්වා උපයා ගන්න පුළුවන්. විදුහල්පතිවරුන්ගේ වැටුපත් ඊට අනුව වැඩිකරල තියෙනවා. ඒවගේ ම විදුහල්පතිවරයෙකුගේ දීමනාව රු 6500 තෙක් වැඩිකරල තියෙනවා…”යැයි ද පැවසී ය.

රජය ගුරුවරුන්ගේ විශ්‍රාම වැටුප රු2,800 සිට 20,000 දක්වා වැඩිකර ඇති බවත්,  රුපියල් 1000ක් 2000ක් වෙනුවෙන් එදා වර්ජන කළ අය කිසිවෙකුටත් අද චෝදනා කළ නොහැකි බවත්, ගත වූ වසර  4-5 තුළ වත්මන් රජය ගුරු -විදුහල්පති වැටුප් වැඩිකර ඇති බවත් සඳහන් කළ අමාත්‍යවරයා, තවදුරටත් කරුණු දක්වමින්, දරුවන්ගේ  අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කරන්නට කටයුතු කරන අය තම හෘදසාක්ෂියට එකඟව සිතා බැලුවොත් එය ඉතා අසාධාරණ බව අවබෝධ කරගනු ඇති බව ද කියාසිටියේ ය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435