ගුරු විභාග 2ක් අතළඟ – තවත් පළාතක ගුරු පුරප්පාඩු ගැසට් වෙයි

බස්නාහිර පළාතේ උපාධිධාරීගුරු පුරප්පාඩු සඳහා වන අයඳුම්පත් මාර්තු 08 වෙනි දින ගැසට් කරන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය පසුගියදා නිවේදනය කර තිබුණි.

බස්නාහිර පළාතේ සියලුම පාසල්වල පවතින ගුරු පුරප්පාඩු පිරවීම සඳහා සිංහල සහ දමිළ මාධ්‍ය උපාධිධාරීන්ගෙන් අයඳුම්පත් කැඳවන බවට අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා ඇතැයි ආණ්ඩුකාර කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.

ගම්පහ, කොළඹ හා කළුතර යන දිස්ත්‍රික්කවල ඇති සිංහල දමිළ හා මුස්ලිම් පාසල් සඳහා නව ගුරු පත්වීම් අනුයුක්ත කරන බවත් ගණනය කිරීම්වලට අනුව බස්නාහිර පළාතේ පාසල්වල උපාධිධාරී ගුරු පුරප්පාඩු 200ක් පමණ තිබෙන බවත් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා ප්‍රකාශ කළේය.

පාසල්වල දක්ෂ ගුරුවරුන් නොමැති බැවින් බලාපොරොත්තුවූ ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකිවී තිබෙන බවත්සියළු පළාත්වල අධ්‍යාපනය දියුණු කිරීම සඳහා මූලිකත්වය ලබා දීමට ගාල්ලේ පැවති ආණ්ඩුකාර සසදයේදී ඒකමතිකව තීරණයක් ගත් බවත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් එහිදී සඳහන් කළේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435