ගුරු සංගමයේ පෙත්සමට පිට අයට මැදිහත් වෙන්න බෑ

02 මාර්තු 2014 – wedabima.lk

 

අධ්‍යාපන පරිපාලන සේවයට බඳවා ගැනීමට ඇති නීත්‍යනුකූල ක්‍රමවේදයක් තිබියදී ඉන් බැහැරව එම සේවයට ඇමැති මණ්ඩලයේ නියමයෙන් පුද්ගලයන් බඳවා ගැනීමට එරෙහිව ලංකා ගුරු සංගමය ගොනු කළ පෙත්සමට පිටස්තර අයට මැදිහත්වීමට අවසර දීම අභියාචනා අධිකරණය ප්‍රතික්‍ෂේප කළේය.

 

අනිල් ගුණරත්න, මාලනී ගුණරත්න යන විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සමට මැදිහත්වීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේ ඇමැති මණ්ඩලයේ තීරණයෙන් එම තනතුරුවල දැනට වැඩ බලන සියයක් පමණ පුද්ගලයන්ය. ලංකා ගුරු සංගමයේ සහ විදුහල්පතිවරුන්ගේ සංගමයේ 54 දෙනෙක් මෙම පෙත්සම ගොනු කර තිබිණි. ඇමැති මණ්ඩලය, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සහ කැබිනට් මණ්ඩලයේ ලේකම් මෙම පෙත්සමෙන් වගඋත්තරකරුවන් කර ඇත.

 

පෙත්සම්කරුවන්ගේ පෙත්සමේ සඳහන් වූයේ අධ්‍යාපන පරිපාලන සේවය සඳහා පිළිගත් ක්‍රමවේදයක් කාර්ය සටහන්වල සඳහන් වන බවය. ඒ අනුව පළමුවෙන් අධ්‍යාපන පරිපාලන සේවයේ 3 වැනි ශේ‍ර්ණියටද ඉන්පසු දෙවැනි සහ 1 වැනි ශේ‍ර්ණියට බඳවා ගැනීමත් සිදු කෙරෙන බවත් පෙත්සමෙන් පෙන්වා දෙයි.

 

3 වැනි ශේ‍ර්ණියට බඳවා ගැනීම සඳහා 25%ක් විවෘත විභාගයකින්ද 45%ක් තරග විභාගයකින්ද 30%ක් ජේ‍යෂ්ඨත්වය සහ කුසලතාව අනුව උසස් කෙරෙන බව පෙත්සම්කරුවෝ සඳහන් කරති. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ජේ‍යෂ්ඨත්වය සහ කුසලතාව ඇති ධ්ධ්ධ් ශේ‍ර්ණියේ අය බඳවා ගැනීමට බලතල තිබේ. මින් බාහිරව පිටස්තර අය මෙම සේවයට බඳවා ගැනීමට ඇමැති මණ්ඩලය කර ඇති තීරණයට පෙත්සම්කරුවන් මෙම පෙත්සමෙන් අභියෝග කෙරේ. ඇමැති මණ්ඩලයේ තීරණය අනුව බඳවා ගැනීම නතර කිරීමටත් අදාළ සේවය සඳහා ඇති පුරප්පාඩු සංඛ්‍යාව ඉක්මනින්ම ගණන් බලන ලෙසත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ඉදිරිපත් කළ යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් දන්වමින් නියෝග නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති. වගඋත්තරකරුවන්ට විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අධිකරණය අප්‍රේල් 3 දක්වා කල් දුන්නේය. නීතිඥ ක්‍රිස්මාල් වර්ණසූරිය මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන්ද නීතිඥ රජිව් අමරසූරිය මහතා මැදිහත් පෙත්සම්කරුවන් වෙනුවෙන්ද, නීතිඥ මිලින්ද ගුණතිලක මහතා නීතිපතිවරයා වෙනුවෙන්ද පෙනී සිටියහ.

 

මුලාශ්‍රය – mawbima.lk

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435