ගුරු සේවයේ හා ගුරු අපේක්ෂාවෙන් සිටින උපාධිධාරීන්ට වැටුප ගැන සුබ ආරංචියක්

රජය පිහිටුවා පළමු අය-වැයේදීම ගුරු වැටුප් වැඩි කර අධ්‍යපනයේ නැංවීමට පියවර රැසක් ගන්නවා. අද ගුරුවරුන් ලබන වැටුප ඇතැම් කම්කරුවගේ වැටුපටත් වඩා අඩුයි. අප එය වෙනස් කරනවා. දරුවන් පීඩනයට පත් කරන විභාග ක්‍රමය වෙනස් කරනවා. දෙක තුන වසරේ දරුවන්ට විභාග අවශ්‍ය නෑ. කට පාඩම් කර විභාග ලියන ක්‍රමය වෙනස් කළ යුතුයි. යැයි අධ්‍යාපන තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ කපුගම උතුර ප්‍රදේශයේදී  පසුගිය 23 වෙනි දින පැවති ජන හමුවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

දරුවන් කට පාඩම් කරන විභාග ක්‍රම වෙනුවට අප ලෝකයේ තිබෙන දියුණු විභාග ක්‍රම ගේන්නේ කොහොමද, ජාතික පාසල් තුන්සිය හැත්තෑ තුන ජාතික පාසල් දහස දක්වා වැඩි කරන්න, ගුරු සේවයට අලුතින් සේවාවන් ඇතුළු කර අලුත් සේවාවක් කරන්න, ගුරුවරයාගේ වැටුප වැඩි කරන්න ආදී මේ සියලු කාරණා ගැන අප සිතමින් සැලසුම් හදමින් සිටිනවා. අද ගරුවරයාගේ වැටුප කොත්තු බාස් කෙනකුගේ වැටුපටත් වඩා අඩුයි. අප හොඳ ගුරුවරයෙක් හදනවා සේම ඔවුන්ගේ වැටුප් වැඩි කරන්නත්, සියලු ගුරුවරුන් උපාධිධාරීන් කරන්නත් අවශ්‍ය සැලසුම් ආණ්ඩුවක් ලෙස ගෙන තිබෙනවා.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

  1. Shivanthi says:

    Deshapalana pathweem walin guru wruththiyata pamini ayagen kohomada sir hoda guruwarayek balaporoththu wenne?? 2018 wasare wayamba palathe guru pathweem walata peshala jayarathna saha akila viraj kariyawasam kelinma andunumkam saha mudal walata guru wurthiya wikunuwa.
    Me wage dewal sehena kaleka idanma sidda una nisa pasalwala inna hama guruwarayekma hoda mattame nehe. Karunakarala mewa sanshodanaya karanna. Ehema neththam guruwarayek wenna niweradima sudusukam nethi ayata aduma tharame thamange wurthiya genawath therum karala denna.

    (0)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435