ගුරු සේවය සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට තිරණය වෙයි – මෙන්න අලුත්ම විස්තරය

දකුණු පළාතේ පාසල්වල පවතින ගුරු පුරප්පාඩු පිරවීම සඳහා අලුතින් උපාධිධාරීන් ගුරුවරු ලෙස 900ක් බදවා ගැනීමට තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වයි.වික්‍රමසිරි මහතා ප්‍රකාශකර ඇත්තේ අදාළ බඳවා ගැනීම් සඳහා දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම්කර ඇති අවයි.

එළැඹෙන මස පැවැත්වීමට නියමිත මහා මැතිවරණයෙන් පසුව මෙම ගුරුවරුන් බදවා ගන්නා බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටී.

ඒ අනුව පසුගිය වසරේ පවත්වන ලද උපාධිධාරී තරඟ විභාගයේදී ලබා ගත් ඉහළ ලකුණු අනුපිළිවෙළින් ඉංග්‍රීසි විෂය සඳහා උපාධිධාරී ගුරුවරුන් 300ක් හා ඩිප්ලෝමාධාරීන් 300ක් බඳවා ගැනීමට නියමිතයි.

ඊට අමතරව දීර්ඝ කාලයක් තිස්සේ දකුණු පළාතේ පිට ගුරු වෘත්තියේ යෙදී සිටින උපාධිධාරී ගුරුවරු 300ක් දෙනෙකුටද තම ගම් ප්‍රදේශවලට ස්ථාන මාරුවීම් ලබාදීමටත් කටයුතු කරන බවද වික්‍රමසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවත් වික්‍රමසිරි මහතා සඳහන් කළේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435