
ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවේ සංශෝධිත වගන්ති 16 මොනවා දැයි යන්න තම සංගමය දැනුවත් වීම ඉතාම අත්‍යවශ්‍ය බැවින් ඉදිරි සතිය තුළ එයට අවකාශ සලසන ලෙස විදුහල්පති හා ගුරු සංගම් එකතුව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටී.
ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවේ වගන්ති 16ක් සංශෝධනයට ලක් කර ඇති බවත් ඊට රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ඉල්ලා යවා ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මීට පෙර සඳහන් කර තිබූ බවත් එම සංගමය පවසයි.
ඒවා ව්‍යවස්ථා සංශෝධනද නැතහොත් පැවැති හා නව සේවා ව්‍යවස්ථා නිවැරැදිව ක්‍රියාත්මක කිරීමට අදාළ පොදු උපදෙස්සංග්රහයද යන්න සඳහන් වී නැති බැවින් තම සංගම් බලවත් අපහසුතාවන්ට පත්ව ඇති බව එම සංගම් එකමුතුවේ කැඳවුම්කරු ඊ.එම්. ජේ.එස්. ද සේරම් සඳහන් කළේය.
ගුරු සේවයේ හරි අඩකටත් වැඩි උපාධි ගුරු වර්ගවලට 1994 වසරේ ගුරු ව්යස්ථාවෙන්ද 2004 වසරේ ව්‍යවස්ථා සංශෝධනයෙන්ද 2014 වසරේ නව ගුරු ව්‍යවස්ථාවෙන්ද බලවත් හානි සිදු වූ බවත් ඒ සඳහා තම සංගම්වලට මානව හිමිකම් කොමිසම, ඔම්බුඩ්ස්මන්වරයා සහ ශේර්ෂ්ඨාධිකරණය හමුවට යෑමට සිදු වූ බවත් ඔහු පෙන්වා දුන්නේය.
මේ වැරැදි තත්ත්වයක් නිවැරැදි කර ගැනීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා ගණනාවක්ම කළ බවත් පසුගිය දෙසැම්බර් 6 වැනිදා අවසාන වශයෙන් ජාතික වැටුප් කොමිසමේදී කළ සාකච්ඡාව පිළිබඳව ඉදිරි පියවරක් නොගැනීම පිළිබඳ බලවත් කනගාටුව පළ කරන බවත් හෙතෙම සඳහන් කළේය.
මූලාශ්‍රය – මව්බිම
වැඩබිම