ගුවන්තොටේදී ලාංකිකයෙකුගේ ගමන් මල්ලෙන් මතුවූ අහිංසක ජීවිත

සාමාන්‍යයෙන් විදේශයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනෙන මත්ද්‍රව්‍ය, සිගරට්ස්, ප්‍රමාණය ඉක්මවූ විදෙස් මුදල්, ගෙන ඒමට තහනම් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ආදිය ගුවන්තොටේදී රේගු නිලධාරීන් කරන සෝදිසි මෙහෙයුම්වලදී රේගු සන්තකයට පත්වූ අවස්ථා බොහෝමයක් අප අසා ඇත්තෙමු. නමුත් ඊට වඩා වෙනස් වූ කුරුළු විශේෂ නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කිරීමක්ගැන ඔබ අසා ඇතිද?එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් ගුවන්තොටුපළ ආරංචි මාර්ග වාර්තා කර තිබේ.

සිංගප්පූරුවේ සිට නීතිවිරෝධී ලෙස කුරුල්ලන් පිරිසක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු  අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීහු පවසති.

අත්අඩංගුවට ගත් පුද්ගලයා හලාවත , කටුනේරිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ව්‍යාපාරිකයෙකි

ඔහු සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 309 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , එහි කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” තුළින් ගුවන් තොටුපොළෙන් පිටතට යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු කීපයක ලව් බර්ඩ් වර්ගයේ කුරුල්ලන් 10 දෙනෙකු ද , තවත් ගිරව් විශේෂයකට අයත් කුරුල්ලන් 17 දෙනෙකු ද , වෙන වෙනම කුඩා ප්ලාස්ටික් කුරුළු කූඩ තුළ දමාගෙන මෙරටට ගෙනැවිත් තිබුණි . මෙම කුරුල්ලන් සියලු දෙනාගේ වටිනාකම රුපියල් 6,50,000 ක් බව ගුවන් තොටුපොළ රේගුව පවසයි .

ශ්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥාපනත යටතේ මෙම කුරුල්ලන් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සදහා මෙම ව්‍යාපාරිකයාට නිසි බලපත්‍ර නොතිබුණු බව රේගුව ප්‍රකාශ කරයි.

මූලාශ්‍රය – ලංකාදීප

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435