ගුවන් මගීන්ගේ PCR පරීක්ෂණත් ගුවන් තොටුපලේ දීම

කොවිඩ් -19 මර්ධන වැඩපිලිවෙල යටතේ රජය විසින් විවිධ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමෙන් පසු නිරෝධායනයට ලක්කිරීම මේ වන විට සිදුවෙමින් පවතී. එමෙන්ම මෙරටට පැමිනෙන ශ්‍රී ලාංකිකයන් අතර කොවිඩි ආසාදිතයන්ද පැමිනෙන බැවින් එම අවධානම තුලින් කොවිඩ් -19  සමාජ ගතවීම වැලැක්වීමට ගුවන් තොටුපල තුළ දැනට කරගෙන යනු ලබන ආවේක්ෂණ කටයුතු පුලුල් කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.

අමාත්‍යවරිය මෙම තීරණය ගනු ලැබුවේ ඊයේ (28) ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සමග කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිදුකරනු ලැබූ විශේෂ නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුවය. මෙරටට පැමිණෙන රෝගීන් හෝ ගුවන් තොටුපල සේවයේ නියුතු ආරක්ෂක, ආගමන-විගමන, රේගු, ඇතුලු නිළධාරීන් සහ සේවකයින් හට කොවිඩ් 19 වැලදීම  හෝ එම  නිළධාරීන්ගෙන් හෝ ගුවන් මගීන්ගෙන් වෛරසය සමාජ ගතවීම වැලැක්වීම ප්‍රධාන කරුනක් ලෙස අමාත්‍යවරිය මෙහිදී පෙන්වා දෙනු ලැබීය.

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙම නිරීක්ෂණ චාරිකාවේදී ගුවන් මගියෙක් ගුවන් යානයෙන් ගොඩබසිනා ස්ථානයේ සිට ගුවන් තොටුපලෙන් පිටව යන ස්ථානය දක්වා සිදුකෙරෙන සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාවලිය ප්‍රායෝගිකව නිරීක්ෂණය කලේය.

ඒ අනුව පැමිනෙන ගුවන් මගීන් ගුවන් තොටුපල තුලදීම පී.සී.ආර්. පරීක්ෂාවට ලක්කිරීමට කටයුතු කිරීමට ඇති හැකියාව පිළිබදව සෞඛ්‍ය බළධාරීන්ගෙන් විමසන ලද අතර පී.සී.ආර්. පරීක්ෂාවට අවශ්‍ය පහසුකම් කඩිනමින් සකස් කරන ලෙසට සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දෙන ලදී.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435