
ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෙෆෝර්නියාවේ නිවසකට කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් පස්දෙනකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
මාධ්‍ය වාර්තා පෙන්වා දෙන පරිඳි මෙම කුඩා ගුවන් යානය ඉහළ අහසේදී ගිනි ගෙන ඇති අතර පසුව එය ලොස්ඇන්ජලීස් ආසන්නයේ නිවසකට කඩා වැටී තිබේ.
අනතුරින් ගුවන් යානයේ නියමුවා සහ නිවසේ සිටි සිවුදෙනෙකු මරණයට පත්වී තිබෙන අතර තවත් දෙදෙනෙක් බරපතල තුවාල ලබා රෝහල්ගතකර තිබේ.
ගුවන් යානය කඩා වැටීමත් සමඟ යානයේ කැබලි ප්‍රදේශය පුරා විසිරී ඇති අතර ගිනි නිවන භටයින් 72කගේ පරිශ්‍රමයෙන් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළ බවයි මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
වැඩබිම