ගුවනින් නීතිවිරෝධී දෑ ගෙනා එකම පවුලේ 6ක් රේගු දැලේ

නීතිවිරෝධී ආකාරයෙන් විදේශීය දුම්වැටි, මත්ද්‍රව්‍ය සහ සුවඳ විලවුන් වර්ග තොගයක් ගුවනින් මෙරටට ගෙන ආ එකම පවුලේ හය දෙනෙක් කටුනායක ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ එකම පවුලේ මව, පියා, පුතා සහ ඔහුගේ බිරඳ ඇතුළු දරුවන් දෙදෙනායි.

අදාල ද්‍රව්‍ය ඉන්දියාවේ සිට මෙරටට ගෙනෙන ලද අතර ඔවුන් සිය ගමන් මළුවල සූක්ෂමලෙස අසුරා මේවා රැගෙනවිත් තිබේ.

රුපියල් ලක්ෂ 10ක් වටිනා සුවඳ විලවුන් සහ ආලේපන තොගයක්, දුම්වැටි කාටූන් 25ක්, දුම්කුඩු කාටූන් 30ක් සහ මත්පැන් බෝතල් 30ක් අදාල පුද්ගලයින් සතුව තිබී රේගු භාරයට ගෙන ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435