
ප්‍රොටෙක්ට් වෘත්තීය සමිතියේ කෙයාර් කෝල් ගෘහ සහායිකාවන් වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩසටහනක් පසුගියදා (8) නාරාහේන්පිට ප්‍රොටෙක්ට් වෘත්තීය සමිති කාර්යාලයේදී පැවැත්විණි. “ගෘහ සහායිකාවන්ටත් ශිෂ්ට රැකියාවක්” යන තේමාව යටතේ ගෘහ සහායිකාවන්ට ETF අරමුදල හඳුන්වා දීම සහ එහි සාමාජිකත්වය ලබා ගැනීම මෙම වැඩසටහන මගින් සිදු කරන ලදී.
සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සුනිල් රත්නායක මහතාගේ සභාගීත්වයෙන් පවත්වන ලද මෙම වැඩසටහන මගින් ගෘහ සහායිකාවන් සඳහා ETF අරමුදලේ සමාජිකත්වය ලබා ගැනීමේ වැදගත්කම වැඩි දුරටත් සාකච්ඡා කරන ලදී.
එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්.
වැඩබිම