ගොවිතැනට අවශ්‍යය වැඩපිළිවෙලක් මිස සහනාධාර නොවේ

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද “ගොවි ජන සංවාදය” නම් වැඩසටහනක් පසුගියදා මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්විණි.

“පොරොන්දු වලට හසු නොවෙමු – ගොවිතැනට අවශ්‍යය වැඩපිළිවෙලක් මිස, සහනාධාර නොවේ” මැයෙන් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනෙහි ප්‍රධාන අරමුණ වූයේ  කෘෂිකර්මන්තයේ හා ගොවියාගේ අභිවෘද්ධිය උදෙසා, ජනාධිපති අපේක්ෂකයන් වෙත ඉදිරිපත් කරන යෝජනාවලිය බාර දීමයි.

මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයන් හට මෙම වැඩසටහනට ආරාධනය කර තිබුණි.

වැඩසටහන සඳහා පැමිණ සිටි ජනාධිපති අපේක්ෂකයන්ට හා පක්ෂ නියොජිතයන් හට ගොවි සංවිධානවල යෝජනාවලිය බාර දීම සිදුකරන ලදී.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435